පුරන් කුඹුරු අස්වැද්දීම

Date:

මෙරට පුරන් කුඹුරු සංඛ්‍යාව අක්කර 40,000 ක් වන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඉන් වැඩි ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාත තුළයි. වගා කිරීමට යොදාගත හැකි මෙම ඉඩම් වගා නොකිරීම රටට විශාල පාඩුවකි. නමුත් මෙම කුඹුරු අස්වැද්දීම සිදු වූයේ නම් රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහාද ඉතා ප්‍රයෝජනවත් වේ.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ වගා කළ හැකි පුරන්ව ඇති කුඹුරු වගා කිරීමේ රජයේ ප්‍රතිපත්ති යටතේ අයිතිකරුවන් විසින් ඒවා වගා කළ යුතු බවයි. එසේ නොකරන්නේ නම් නව ගොවිජන සේවා පනතට අනුව ඒවා පවරා ගෙන වගා කිරීමට කැමැති ගොවීන්ට ලබා දෙන බව ඔහු පවසයි.

කුඹුරු අක්කර 3,000 ක් පමණ පාදුක්ක ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් වේ. ඉන් වගා කෙරෙන්නේ අක්කර 2,000ක් පමණයි. ඉතිරි කුඹුරු වසර 30 කට අධික කාලයක් පුරන්ව පවතින බව ගොවිමහතුන් පවසයි. මීට හේතුව කුඹුරු හිමියන් එම ඉඩම් වගා නොකිරීමයි.

පාදුක්ක ගොවි ජන සේවා ස්ථානය හිමි ඉඩම් පවරා ගනිමින් වගා කිරීමට කැමැති ගොවීන්ට ලබාදීමට තීරණය කර ඇත. ඒ අනුව ග්‍රාමසේවා වසම් 49 ක පුරන්ව පැවති කුඹුරු අක්කර 75 ක් මෙවර මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කර තිබේ .

ගොවීන් පවසන්නේ ඇළ වේලි සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කර දී, ඒ සඳහා අවශ්‍ය බිත්තර වී, කොම්පෝස්ට් පොහොර, රසායන පොහොර සියලුම දේ ලබා දීලා තිබෙන බැවින් මෙවර මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලබාගැනීමට අවස්ථාව සැලසී ඇති බවයි.

කෙසේ හෝ එක් බිම් අඟලක් වත් අපතේ නොයවා වගා කළ හැකිනම් එහි සියලු ප්‍රතිඵල රටේ ජනතාවටම බව කිව යුතුය.

රෂිකා හෙන්නායක
2022.11.14

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...

දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් (Galitos) ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට

දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය වන...

තුන් කොන් විස්සයි විස්සේදී දසුන්ට නායකත්වය – පවන් සංචිතයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: සෞඛ්‍යමය ගැටළු මත චරිත්...