චීන ආධාර යටතේ මෙරට නොමිලේ ලැබෙන ඩීසල් ලීටර් මිලියන 11ක්

Date:

චීන ආධාර යටතේ මෙරට නොමිලේ ලැබෙන ඩීසල් ලීටර් මිලියන 11 කට ආසන්න ප්‍රමාණයෙන් ලීටර් ලක්ෂ 75 ක් කෘෂිකර්ම කටයුතු සඳහා වෙන් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඩීසල් තොගය මෙරටට ලැබීමට නියමිත වී ඇත.

මෙම ඉන්ධන තොගය ලබන මාසයේදී මෙරට ලැබීමට නියමිතයි. කුඹුරු අස්වද්දන අවස්ථාවේ ඒවා ලබා දීමට නොහැකි වුවත් අස්වනු නෙලන අවස්ථාවේදී ඒවා ලබාදීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර මහතා පවසයි.

දිවයින පුරා මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීම ආරම්භ වී ඇති අතර හිඟයකින් තොරව අවශ්‍ය ඉන්ධන සැපයීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටී. ඉන්ධන සැපයීමේ සියලුම සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙනි. ඒ පිළිබඳ පිලිබද ගැටලු පවතී නම් එම ලේකම්වරුන් හමුවී ඒවා විසදා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය ගොවි ජනතාවට දැනුම් දෙයි.

රෂිකා හෙන්නායක
2022.11.14

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

ඊජිප්තුවේ ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත කෙරේ, ටූටන්කාමුන්ගේ සොහොන සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව විශාලතම...