යොවුන් ලෝක කුසලාන 2024

Date:

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට වසන්තය කැන්දන ක්‍රිකට් වසන්තය අපේ මවුබිමට පැමිණෙන බව සතුටින් දැනුම් දෙන්නෙමු.

2027 වසර වන තෙක් පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන් අතරින් 2024 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මෙම කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බාලිකා ලෝක කුසලාන තරගාවලි 2 කුත් බාලක අංශයේ ලෝක කුසලාන තරගාවලි දෙකකුත් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අතරින් ශ්‍රී ලංකාව හැරුණු කොට අනෙක් බාලක යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 වසරේදී සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැනුම් දී ඇත.

ඊට අමතරව,

  • 2025 වසරේ පැවැත්වීමට නියමිත බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැලේසියාව සහ තායිලන්තයේ සත්කාරකත්වයෙන්ද
  • 2027 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා යොවුන් ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශය සහ නේපාලයේ සත්කාරකත්වයෙන්ද

පැවැත්වෙනු ඇත.

තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියකින් පසු අදාළ සුවිශේෂී තරගාවලියන්හිදී සත්කාරකයින් කවුරුන්ද යන්න මාටින් ස්නෙඩන්ගේ සාභාපතිත්වයෙන් යුත් මණ්ඩලය විසින් තෝරා ගැනීමට පියවර ගෙන තිබේ.

මෙවැනි ලෝකයේ බහුතරයක් ඉතා ඕනෑකමින් නරඹන ක්‍රිකට් වැනි තරඟාවලි සඳහා සත්කාරක රටක් ලෙස ශ්‍රීලංකාව තෝරා ගැනීමත් මහත් භාග්‍යයකි . මන්ද එය වක්‍රාකාරයෙන් රටේ සංචාරක කර්මාන්තය සඳහාද මහඟු සේවයක් ඉටුවේ. වර්තමානයේ පවතින ඩොලර් හිඟයට ද විශාල ශක්තියක් වනු ඇත.

රෂිකා හෙන්නායක
2022.11.14

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...