*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ක්ෂයරෝගය තුරන් කරමු…

මෙරට තුළ බහුලව පවතින බෝවන රෝග අතරින් ක්ෂය රෝගය දෙවැනි ස්ථානයේ පසුවන බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පෙන්වා දෙයි.

ඈත අතීතයේ සිට පවතින රෝගයක් වන මෙය Mycobacterium tuberculosis බැක්ටීරියාව (MTB) හේතුවෙන් ආසාදනය වන බෝවන රෝගී තත්ත්වයකි.

ආසාදිත රෝගියෙකු කසින විට හෝ කිවිසුම් හරින විට සෙම හෝ කෙල බිඳිති (Droplets) වාතාශ්‍රයට එක් වී එම බිඳිති ආශ්වාස කිරීමෙන් තවත් අයෙකුට ආසාදනය වේ.

මේ වන විට මෙම රෝගය සෑම දිස්ත්‍රික්කයක් තුළම දැකිය හැකි වුවත් ගම්පහ, කළුතර මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක තුළින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබේ.

ඒ අතරින් බස්නාහිර පළාතේ 2022 වසරේ මුල් මාස කීපය තුළ ක්ෂයරෝග ආසාදිතයින් වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇතැයි ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිලිබඳ ජාතික වැඩසටහන පවසයි.

එසේම රෝගීන් වාර්තාවීම අනුව ක්ෂය රෝගීන්ගෙන් 2/3ක ප්‍රමාණයක් පුරුෂයන් වන අතර ප්‍රතිකාර සඳහා මොවුන් යොමු වීමේ අඩුවක් පවතින බැවින් සමාජය තුළ රෝගය පැතිර යෑමේ දැඩි අවදානමක් පවති.

ශ්‍රී ලංකාව තුළ වසරකට ක්ෂය රෝගීන් 8,000-9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවත් එය 13,000 -14,000 ත් අතර සංඛ්‍යාවක් විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිලිබඳ ජාතික වැඩසටහන පවසයි.

ඉහත දැක්වූ රෝගීන්ගේ සංඛ්‍යා දත්ත වල රෝගීන් 4,000 ත් 5,000 ත් අතර වෙනසක් ඇති බවත් එම රෝගීන් සංඛ්‍යාව වාර්තා නොවුණත් ඔවුන් සමාජයේ කොහේ හෝ සිටින බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිලිබඳ ජාතික වැඩසටහන පවසයි.මෙම රෝගීන් රෝගීන් ප්‍රතිකාර වෙත යොමු කර ගත හැකි නම් අපිට මේ රෝගය 2035 වසරේදී පහසුවෙන් තුරන් කර ගත හැකි වන බව ඔවුන් පවසයි .

“එහෙත් රෝගීන් ප්‍රතිකාර වෙත පැමිණෙන්නේ රෝගය විශාල ලෙස උත්සන්න වූ අවස්ථාවේ බවත් සමාජයේ ඒ සම්බන්ධයෙන් පවතින දැනුවත් භාවයත් එයට එක් හේතුවක් වී ඇත. බොහෝ පිරිස් නොදැනුවත්කම මත සහ ඇතැම් අය රෝගය පිළිබඳ දැනගත් නමුත් සමාජයෙන්, පවුලෙන් කොන් වෙන්න වෙයි, ආයත් වැඩට යන්න බැරි වෙයි වැනි ආකල්ප නිසා ප්‍රතිකාර සඳහා නොපැමිණෙන තත්ත්වයක් ඇති බව වෛද්‍යවරුන් පවසයි.

විශේෂයෙන්ම ළඟම ආශ්‍රය කරන පුද්ගලයා සෑම විටම තම නිවසේම අයෙකු නොවේ . ඇතැම් විට බස් රථයේ, මෝටර් රථයේ, කාර්යාලයේ හැමදාම ළඟින් සිටිනා අයෙකු විය හැකියි. ඒ නිසා තමන් තමන්වම පරීක්ෂා කරගන්න මට්ටමකට අපි පැමිණිය යුතු කාලය පැමිණ ඇත.

වැඩිහිටියන් මෙන් නොව ළමුන්ගේ රෝග ලක්ෂණ වෙනස් බැවින් දෙමව්පියන් විසින් සිය දරුවන් නිසි පරීක්ෂාවකට ලක් කර ගනු ලැබීම ඉතා වැදගත් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. සෑම වසරකම ක්ෂයරෝග රෝගීන්ගෙන් 3% ක් පමණ දරුවන් වේ.

එබැවින් ක්ෂය රෝගය පිළිබඳ සමාජයක් වශයෙන් දැනුවත් (Awareness) වීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව හමුවේ දැඩිව පවතින කාලයක් උදාවී ඇත.

ක්ෂය රෝගය මෙරටින් තුරන් කිරීමට ජනතාව වන අපගේ සහයෝගය ද නිරන්තරයෙන් ලබා දෙමු…

රෂිකා හෙන්නායක
2022.11.14

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan