අද (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා ඇති බව වාර්තාවේ.
ඒ අනුව අද (14) පස්වරු 2.00 ට මෙම කැඳවීම සිදු කර ඇති බව, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පසුගිය 10 වැනි දා පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන් අතර, එය සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහිදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...