නාය යෑමෙන් දරු පවුලක් එකටම අවසන් ගමනේ!

0
344

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නායයෑමෙන් බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේදී පස් කන්දට යටවී අතුරුදන් වූ සිව්දෙනාගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය ඉරිදා රාත්‍රියේ නිවාස කිහිපයක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනෙකු අතුරුදන් වී තිබුණි.

ඒ අනුව ආපදා කළමනාකරණ ඒකකය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූවන් සොයා සිදුකළ මෙහෙයුමේදී මොවුන්ගේ සිරුරු සොයාගෙන ඇති අතර, එකම පවුලේ පියා, මව සහ දියණියන් දෙදෙනාගේ සිරුරු මෙලෙස මිය ගොස් තිබුණි,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??