Thursday, December 7, 2023
spot_img

Latest Posts

සැඟවූ සීනි මෙට්‍රික්ටොන් 270ක් සොයා ගැනේ! ගබඩාවට මුද්‍රා තැබේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ ප්‍රධාන ආනයනකරුවෙකුගේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 270 (270,000kg)ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකය අද (14) පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සීනි ආනයනකරුවන්ගේ ගබඩා සහ තොග බෙදාහරින ගබඩා විශේෂ පරීක්ෂාවකට ලක්කර කිරීමේදී මෙසේ සොයාගෙන ඇති බව සඳහන් වේ.

එහිදී එම නිලධාරීන් ඒවා සිය භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තැබීමට පියවරගෙන ඇති අතර , තොග බෙදාහරින ස්ථානයක් පරීක්ෂා කිරීමේදී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 5ක් ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තබා එහි හිමිකරුට නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.