Monday, December 4, 2023
spot_img

Latest Posts

ජාත්‍යන්තර මැරතන් තරග තුනක් සඳහා තේරීම නොවැම්බර් 26 දා

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
 
ජාත්‍යන්තර මැරතන් තරග තුනක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම සඳහා පවත්වන තේරිම් තරගය නොවැම්බර් 26 වන දින පැවත්වෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමය නිවේදනය කරයි.තරගය ඒදින පෙරවරු 5.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසළින් ආරම්භ වී කිලෝ මීටර් 30 ක දුරක් ගෙවා ජාඇල පමුණුගමින් නිමා වීමට නියමිතව ඇත.

මෙම තරගයේ දක්ෂතා අනුව 2024 වසරේ පැවත්වෙන හැනෝයි මැරතන් (වියට්නාමය), ආසියානු මැරතන් ශූරතාවය (හොංකොං), බංගබන්දු මැරතන් (බංග්ලාදේශය) යන මැරතන් තරග සඳහා තේරීම් සිඳු කරන බව මලල ක්‍රීඩා සංගමය දන්වා සිටියි.

තරගය සඳහා ඉදිරිපත් වන ක්‍රීඩකයින්, සිය නම, උපන් දිනය, අනුබද්ධ සංගමය ඇතුලත් අයදුම්පතක්, රුපියල් 500.00 ඇතුළත්විමේ ගාස්තු සමග වෛද්‍ය වාර්තාවක් සහිතව 2023.11.22 වන දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා, අංක 33, නිදහස් පෙදෙස, කොළඹ 07 වෙත ගෙනවිත් භාර දිය යුතුය.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.