සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.
ලෝකයේ ප්රබලතම රාජ්‍ය නායකයන් තිදෙනෙකු එකම සාකච්ඡා මේසයකට එක්වීමට නියමිත මෙම හමුව ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රයේ විශේෂ අවධානයට ලක්ව ඇත.
මෙම සාකච්ඡාවේදී න්‍යෂ්ටික අවි පාලනය, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීම සහ ගෝලීය ආරක්ෂාව සම්බන්ධ කරුණු ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැනීමට නියමිත බව වාර්තා වන අතර ඉරානය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය තත්ත්වය මෙම සාකච්ඡාවට ඇතුළත් නොවන බවට ද වාර්තා පළ වී තිබේ.
ලෝක බලවතුන් තිදෙනාගේ මෙම හමුව ජාත්‍යන්තර සබඳතා සහ ගෝලීය ආරක්ෂක තත්ත්වය කෙරෙහි කෙබඳු බලපෑමක් ඇති කරනු ඇත්ද යන්න පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.

