කංසා වගාවට ලබන වසරේ පමණක් ඩොලර් බිලියන 2ක ආයෝජන ගේන්න පුළුවන් – ඩයනා

Date:

අපනයනය සඳහා පමණක් කංසා වගාව පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක වන්නේ නම් ඒ ඔස්සේ 2023 වසර තුළ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජන මෙරටට පැමිණෙනු ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“මට හරිම සතුටුයි. සතුටු වෙන්න හේතුව තමයි මම මේක කතා කළේ මේ රට වෙනුවෙන්. මොකද මම දකිනවා මේක තුළින් මේ ලංකාව ගොඩ එන ක්‍රමයක්. මම දන්නවා ලබන අවුරුද්දට විතරක් මේකට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජන ඇවිල්ලා මේ රටේ මේ කර්මාන්ත ටික පටන් අරගෙන අපට මේ වැඩේ කරන්න පුළුවන්. අපට මේ රට ගොඩදාන්න පුළුවන්”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේ පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අපනයනය සඳහා පමණක් කංසා වගාව පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...