කංසා වගාවට ලබන වසරේ පමණක් ඩොලර් බිලියන 2ක ආයෝජන ගේන්න පුළුවන් – ඩයනා

Date:

අපනයනය සඳහා පමණක් කංසා වගාව පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක වන්නේ නම් ඒ ඔස්සේ 2023 වසර තුළ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජන මෙරටට පැමිණෙනු ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“මට හරිම සතුටුයි. සතුටු වෙන්න හේතුව තමයි මම මේක කතා කළේ මේ රට වෙනුවෙන්. මොකද මම දකිනවා මේක තුළින් මේ ලංකාව ගොඩ එන ක්‍රමයක්. මම දන්නවා ලබන අවුරුද්දට විතරක් මේකට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජන ඇවිල්ලා මේ රටේ මේ කර්මාන්ත ටික පටන් අරගෙන අපට මේ වැඩේ කරන්න පුළුවන්. අපට මේ රට ගොඩදාන්න පුළුවන්”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේ පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අපනයනය සඳහා පමණක් කංසා වගාව පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...