*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

දීර්ඝ කාලීන දර්ශනයක් සමග ඉදිරිපත් කළ අයවැයක් – හරීන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය දීර්ඝ කාලීන දර්ශනයක් සමග ඉදිරිපත් කළ අයවැයක් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“දීර්ඝ කාලීන දර්ශනයක් සමග ඉදිරිපත් කරපු අයවැයක් හැටියටයි මම දකින්නේ. ඒත් එක්කම මම විශ්වාස කරනවා රටේ ජනතාවත් මේ ගැන තේරුම් ගනීවි කියලා. මාස තුනකට කලින් අපි හිටියෙ කොහොමද, එළියට බහින්න පුළුවන් වුණාද, ගෑස් සිලින්ඩරයක් තියාගෙන දවස් කීයක් ඉන්න වුණාද, තෙල් ටිකක් ගන්න කොච්චර මහන්සි වෙන්න වුණාද, දැන් අද අඩුම ගාණෙ නැවත වතාවක් ඒ චක්‍රය කැරකෙන්න පටන් අරගෙන තියෙනවා. රටක් හැටියට මේක අභියෝගයක්. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න නම් මේ ජනාධිපතිවරයාගේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලට එකතු විය යුතුයි”

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan