සටහන – රෂිකා හෙන්නායක
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මාස හයකට පෙර ඉතියෝපියාව පුරා ආහාර ආධාර බෙදා හැරීම අත්හිටුවීමෙන් පසු දෙසැම්බර් මාසයේදී එය නැවත ආරම්භ කරන බව එක්සත් ජනපදය සඳහන් කර ඇත.
සැලකිය යුතු ප්‍රතිසංස්කරණ මගින් ආහාර වඩාත් අවශ්‍ය අය වෙතට ළඟා වීම සහතික කරන බව, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAid) පවසයි.

ගැටුම් සහ දරුණු කාලගුණික බලපෑම් හේතුවෙන් මිලියන ගණනක් ඉතියෝපියානුවන් ආහාර හිඟයකට මුහුණ දී සිටින අතර , එක්සත් ජනපදය ජූනි මාසයේදී ආධාර ලබාදීම නවතා දැමූණි.

පසුව කඳවුරුවල සිටින සරණාගතයින් සඳහා සීමිත ප්‍රමාණයක් ලබාදීම ආරම්භ කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.
