හොරු අල්ලන හැටි අපි විපක්ෂයේ ඉදන්ම පෙන්නුවා – විපක්ෂ නායක

Date:

කොළඹ LNW: සමගි ජන බලවේගය හොරු අල්ලන්න කියා රට වටේ නොකියා විපක්ෂයේ සිට මේ ආර්ථික බිඳවැටීමට හේතු වූ වගකිවයුත්තන් නිතිය හමුවට ගෙන ආ බවත් එහි තීන්දුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එය ඓතිහාසික තීන්දුවක් බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

විනිසුන්රුවන් 4 දෙනකුගෙන් 3 දෙනකුම ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, පී.බී. ජයසුන්දර සහ ආටිගල යනාදීන් මෙන්ම මූල්‍ය මණ්ඩලය රටේ බංකොලොත්භාවයට හේතු වූ බවට ප්‍රකාශ කර ඇති අතර මහජනතාවගේ විශ්වාසනීයත්වය කියන මුලධර්මය මෙම පුද්ගලයන් විසින් උල්ලංඝනය කර ඇති බව ප්‍රේමදාස මහතා කියාසිටියේය.

මොවුන් ආර්ථික ඝාතකයන් බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ අනාවරණය කිරීමට හේතු වූ සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයට සහ නීතිඥවරුන්ට සිය ස්තූතිය පුද කර සිටින බවයි.

එසේම බංකොලොත් භාවය නිසා ජන ජීවිත විනාශ වූ කණ්ඩායම් ආදී සමස්ත සමාජයේ සෑම දෙනකුටම ආර්ථික විනාශය නිසා තමන්ට සිදුවූ අගතියට මෙම පුද්ගලයන්ගෙන් වන්දි ඉල්ලා සිටිය හැකි බවත් විපක්ෂයේ සිට අධිකරණය උපයෝගී කර ගෙන රටේ ආර්ථික ඝාතකයන් කවුද කියා ඔප්පු කර සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...