මාතර බත් කඩ වගේ විශ්ව විද්‍යාල දාන්න බැහැ.මේක අධ්‍යාපනය විකුණන අයවැයක් – FUTA

Date:

කොළඹ LNW:අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමේ අයවැයක් ඉදිරිපත් කර තිබෙන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වාදෙයි.

ඉතිහාසයේ ප්‍රථම වරට අඩුම ප්‍රාග්ධන වියදම ඇත්තේ මෙවර අයවැයේ බව එම සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්‍ය අතුලසිරි සමරකෝන් මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ ප්‍රතිපාදනවලින් විශ්ව විද්‍යාල ආරම්භ කිරීම බොරුවක් වන අතර පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙත විශ්ව විද්‍යාල බෝර්ඩ් එක දැමීම රජයේ අරමුණ බවයි සමරකෝන් මහතා කියාසිටින්නේ.

”UGC පනත වෙනස්කරන්න සූදානම්. සමස්තයක් විදිහට විශ්ව විද්‍යාලවලට බලකරනවා පිරිවැය විශ්ව විද්‍යාලවලින් හොයාගන්න කියන එක. අනිත් පැත්තෙන් රාජ්‍ය සේවකයින් රැවටීමට ලක් කරලා විතරයි තියෙන්නේ. IMF යෝජනා ඉෂ්ට කරන්න ගිහින් රාජ්‍ය අධ්‍යාපනය විනාශ කරනවා. රාජ්‍ය ණය වෙලා තියෙනවා මදිවට ශිෂ්‍යනුත් ණයකරුවන් කරන්න හදන්නේ. රාජ්‍ය දුර්වල කිරීම සදහා ගේන අයවැයක්. මේ අයවැය පරාජය කිරීම තමයි කළ යුතුව තිබෙන්නේ.”

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උපසභාපති මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසන්නේ අයවැය හරහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ බදු ගැටළුවට විසඳුමක් නොලැබුණු බවයි.

”මාතර බත් කඩ හැම ගමකම දැම්මට විශ්ව විද්‍යාල දාන්න බෑ. මේ විදිහට විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්න බෑ. අපි අධ්‍යාපනයට සම්බන්ධ අය සමග කතාකරනවා. විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් සමග මේ පිලිබද සාකච්ජාවක් ආරම්භ කළ යුතුයි. ඊයේ දවසේ ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීරණයක් දුන්නා.
ආර්ථිකය බිදවැට්ටීම පිළිබද මේ පිරිස දැන් උත්තර ලබාදිය යුතුයි.”
යනුවෙන් ඉලංගසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සතිඅන්තයේ දී සන්ස්ක්‍රීන් අමතක නොකරන්න! සූප ශාස්ත්‍රයෙන් නමගිය Gordon Ramsay ගෙන් පණිවුඩයක්!

සටහන – පුලී සැප්තැම්බර් 01, කොළඹ (LNW): නමගිය සූප සාත්තරයෙන්...

Celebrity Buzz: ඉන්දීය වෙඩිමකට කඩා පැන, මනාලිය පුදුමයට පත් කළ බීබර්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

හික්කඩුවේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට

හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...