NPP ජයග්‍රහණය ජාත්‍යන්තර ඇසින්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ (LNW):

ජාත්‍යන්තර මාධ්‍ය රැසක් විසින් ජාතික ජනබලවේගය ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහනය පිළිබඳ, තොරතුරු වාර්තාකර තිබුණි. බොහෝ මාධ්‍ය සඳහන් කර තිබුණේ, මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ඨ වෙනසක් බවයි.

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය සම්බන්ධයෙන් බී බී සී පුවත් සේවය , වාර්තාකර තිබුණේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානය මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිකරගෙන ඇති බවයි.දූෂණයට එරෙහිව සටන් කිරීමට හා රට යළි ස්ථාවර කිරීමට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුට පැහැදිලි බහුතරයක් අත්‍යවශ්‍ය බවයි.

අල්ජසීරා වෙබ් අඩවිය ද ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වාර්තා කර තිබූ අතර ඔවුන් සඳහන් කර තිබුණේ එය වාමාංශික ව්‍යාපාරය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බවයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපතිවරයාට ඉතා බලගතු ජන වරමක් හිමි වී ඇති බවද එම වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

ඒ පී පුවත් සේවය ද වාර්තා කරන්නේ, ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට  ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා  පැහැදිලි ජනවරමක් හිමි වී ඇති බවයි. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලාංකික ජනතාවට ජාතික ජනබලවේගයට බහුතර බලයක් ලබාදී ඇති බව එම පුවත් සේවය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ප්‍රධාන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලාංකික ජනතාව ජාතික ජනබලවේගයට පැහැදිලි බලයක් ලබා දී ඇති බව එන්ඩී ටීවී පුවත් සේවය වාර්තා කරයි. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් බලයක් ඔහුට හිමිව ඇති බවද එම පුවත් සේවය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දුගී භාවය තුරන් කිරීමට හා ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනතාව පැහැදිලි බලයක් ලබාදී ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව ඇති බව, ද හින්දු පුවත්පත සඳහන් කරයි. උතුරු හා නැගෙනහිර ජනතාවගේ සහයෝගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගයට හිමිවීම ඓතිහාසික සිද්ධියක් වන බව ද එම පුවත් සේවය පෙන්වා දෙනවා.

ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය සඳහන් කරන්නේ, දුෂණයට පිළියම් යෙදීමට සහ අයථා ලෙස රාජ්‍ය දේපළ පරිහරණය කිරීම අත්හිටුවීමට පොරොන්දු වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට සිදුකරගෙන යාම සදහා ඡන්ද දායකයින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ජාතික ජනබලවේගයට ලබා දී ඇති බවයි.

වියෝන් පුවත් සේවය ද, ජාතික ජනබලවේගය පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනාගැනීම සම්බන්ධයෙන් වාර්තා කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: වත්මන් කොළඹ ජාතික රෝහලේ...

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයා ගැනේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා විදුලි සංදේශ...

රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී...