ඇති හැකි අයගේ දරුවන් රටින් පිටමං වුණා, රට මානව කාන්තාරයක් වුණා – චම්පික කියයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික බවත්, සත්‍ය වශයෙන්ම රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටී.

ඔහු ඒ පිළිබඳ වැඩිදුරටත් පැවසූවේ,

මේ රටේ ජනතාවගෙන් සියයට 99.9 ක්ම ඡන්දය පාවිච්චි කිරිම හැර මේ රට බංකොලොත් වීමට දායක වෙලා නැහැ. ඒ ජනතාවට රට බංකොලොත් වීම නිසා සිද්ධ වුණේ බරපතළ අයුක්තියක්. දරුවන්ට කිරි ටික, පාසල් අධ්‍යාපනය නැති වුණා, වැඩිහිටියන්ට කන්න ටික, බෙහෙත් ටික නැති වුණා. ගොවියන්ට පොහොර ටික නැති වුණා. කර්මාන්ත කඩා වැටීම වැනි බොහෝ බරපතල සිදුවීම් සිදු වුණා. රටේ වෘත්තීයවේදීන් ආචාර්යවරු, මහාචාර්යවරු, වරලත් ඉංජිනේරුවරුන්, දොස්තරවරු දහස් ගණනින් රට හැර ගියා. ඇති හැකි අයගේ දරුවන් රටින් පිටමං වුණා. රට මානව කාන්තාරයක් වුණා. මේ මහා අපරාධය ට සම්බන්ධ වගකිවයුත්තන් කවුද කියන එක ගැන මහා විවාදයක් පසු කාලෙක ගොඩ නැඟුණා. සමහරු කියනවා යහපාලන කාලයේ ගත්ත ණය නිසා කියලා. සමහර අය කෝවිඩ් වසංගතය නිසා රට බංකොලොත් වුණා කිව්වා. ඒ වගේම අරගලය නිසා රට බංකොලොත් වුණා කියන කණ්ඩායමක් හිටියා. දැන් මේ සියලු දෙනාටම නඩු තීන්දුව මගින් උත්තරයක් දීලා තියෙනවා.” යනුවෙනි

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...