ජාතික ලැයිස්තුවට එළියෙන් අය ගේන්න බෑ – මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පත් කළ හැක්කේ මහමැතිවරණයට නාමයෝජනා භාරදීමේදී පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් නම් කරන ලද ජාතික ලැයිස්තුවේ සඳහන් අපේක්ෂකයින් හෝ මහමැතිවරණයට තරග කර පරාජයට පත්වූ අපේක්ෂකයින් හෝ පමණක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

“අපි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29 සම්බන්ධයෙන් ඒ පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දීලා තිබෙනවා ඔවුන්ට නිශ්චිතව වෙන් කරපු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කර එවන්න කියලා. ඒ අනුව පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමක නායකයාට පුළුවන් දැනට ජාතික ලැයිස්තුවේ අපට භාරදීලා තියෙන නාමයෝජනා පත්‍රයේ තිබෙන නම් අතරින් ඒ අදාළ නම් ප්‍රමාණය තෝරලා එවන්න. එසේත් නැතිනම් මෙම මැතිවරණය සඳහා තරග කරලා පරාජයට පත්වෙච්ච කෙනෙකුට වුවත් පක්ෂයේ ලේකම්වරයාට පුළුවන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට. ජාතික ලැයිස්තුවේ හෝ මැතිවරණ කොට්ඨාසයක නාමයෝජනා පත්‍රයක හෝ තියෙන නමකින් බැහැරව වෙනත් නමක් මන්ත්‍රී ධුර සඳහා ගැසට් කිරීමේ හැකියාවක් නැහැ”

සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...