දිනෙන් දින සමුගන්නා දේශපාලඥයෝ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

සිය X පිටුවේ සටහනක් තබමින් , තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසා ඇත.

වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ , සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවය.

දිගින් දිගටම සිදුවන මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලනයේ තමන් ඉතා දුෂ්කර ගමනක් පැමිණියත්, මෙතැන් සිට තම පවුල ගැන සිතීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් වැඩ කිරීමට කාලය එළැඹ ඇති බව තමන්ට හැඟෙන බවත් ඔහු සඳහන් කර ඇත .

මෙම තීරණය ඉතා පහසුවෙන් ගත් තීරණයක් නොවන නමුත් එය දැනට නිවැරදි තීරණයක් ලෙස හැගෙන බවත් ඔහු පවසා ඇත.

ඔහු මින් පෙර වැලිගම නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කර තිබුණු අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළ නමුත් ඉන් පරාජයට පත් වූ බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...