ශ්‍රී ලංකාව මෙතෙක් කල් ජංගම ගිණුමේ හිඟයක් සහිතව පැමිණි නමුත් මේ වනවිට වාහන ආනයනය කිරීමට අවසර ලබාදී තිබියදී පවා එය ධනාත්මක අගයකට හරවා ගැනීමට ආණ්ඩුව සමත්ව සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
“ශ්‍රී ලංකාව වැරදි කළමනාකරණ ක්‍රමවේදයකට යොමුවෙන්නේ නැහැ. එයයි පළමු කාරණාව. දෙවැන්න, අපි මුළු රටම පවත්වාගෙන ගියේ තවත් හිඟයක් එක්ක, ඒ තමයි අපේ ජංගම ගිණුමේ හිඟය. දැන් අපි එය ධනාත්මක අගයකට හරවාගෙන තිබෙනවා, වාහන ආයනයට අවසර ලබාදීමෙන් පසුවත්. පසුගිය වසර දෙකේදී අපි ඩොලර් බිලියන 2.3ක වටිනාකමින් යුත් වාහන ආනයනය කර තිබෙනවා. එහෙම නොවුණා නම් අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 9.2ක් වෙනවා. අයවැය හරහා ජනතාව විවිධ ප්රතිලාභ බලාපොරොත්තු වෙනවා. දැන් ඒ ප්රතිලාභ විවිධාකාරයෙන් ලැබෙන්න නියමිතයි. ඒවා ඔබට සෘජුවම මුදල් වශයෙන් හෝ සෘජුවම ප්රතිලාභ වශයෙන් ලැබෙන එකක් නැහැ”
චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹ අයිසීටී රත්නදීප හෝටලයේදී පැවති අයවැය විශ්ලේශන සම්මන්ත්‍රණයක් අමතමිනි.


