ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට (CCIB) කැදවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (17) පෙරවරුවේ එම කාර්යාංශයේ පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී ඇති බව සඳහන්.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ (Prevention of Organised Crimes) පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති හරහා “පොලිසිය අරක්කු ඉල්ලීම වැඩි වෙවි ” යනුවෙන් ඔහු විසින් පුවත්පතකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව මෙසේ කැඳවා ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ.


