ඖෂධ සහ ඖෂධ උපකරණ හිඟය

Date:

පොහොර බිඳක්වත් නැතිව ඩොලර් මිලියන 6.9 ක් චීන නැවකට ගෙවීම් කලා අප කාටත් මතකයි. ඒ මුදල් තිබුණේනම් අද ඖෂධ නොමැතිව මහමඟ ලතැවෙන මිනිස්සුන්ට බෙහෙත් ගෙන්වීමට තිබුණි. තොරතුරු වාර්තා වන අන්දමට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110 ක හිඟයක් තව දුරටත් රට තුළ පවතින බව සඳහන්. නිසි කලට ඖෂධ අලෙවි කරන්න මුදල් තිබුණේ නැත. රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව විනිමය හිඟය නොවේ. විගණකාධිපතිවරයාගේ නවතම වාර්තාවකින් ඒ බව තහවුරු කර ඇත.

එහි දැක්වෙන්නේ විනිමය හිඟය ඖෂධ සැපයීමට බලපෑ ආසන්නතම හේතුව පමණක් බවයි. වෛද්‍ය සැපයීම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිඝණක පද්ධතිය නිසි පරිදි යාවත්කාලී නොකිරීම, නිසි පරිදි භාවිතයට නොගැනීම, වෛද්‍ය සැපයීම් අංශය, ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව, සෞඛ්‍යය අමාත්‍යාංශය, යන ආයතනයන් අතර මනා සම්භන්ධයක් නොතිබීම ඖෂධ හිඟයක් ඇතිවීමට හේතු වී ඇති බව අදාල වාර්තාව තුළින් විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත.

අවසානයේ සිදුවුණේ කුමක්ද? රජයේ රෝහලකට ගිය අහිංසක දුප්පත් මිනිසුන්ට බෙහෙත් ටිකද නැත. වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීමට පෞද්ගලික ආයතන වලට යන්න සිදුවිය. රෝගී ජනතාව මහමග අසරණ විය.

ඒ අතර මෙවර අයවැයෙන් කිසිම සහනයක් ලැබී නැති බව සෞඛ්‍ය සේවක වෘතිකයන් පවසයි. ඖෂධ හිඟය, උපකරණ හිඟය ප්‍රතිකාරක හිඟය ඉතා බරපතළ ලෙස බලපාන බව ඔවුන් පවසයි. රෝගීන්ට ආහාර දීමේ ගැටලුවක්ද ඇත.

සෞඛ්‍යය වෛද්‍ය නිළධාරීන් මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ ගෙවුණු වසරදී වගේම ලබන වසරේ දී ද කතා කරන්න සිදුවන අවාසනාවන්ත කාරණය වන්නේ මේ මොහොතේ රටේ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී තිබෙන ඖෂධ සහ උපකරණ හිඟයයි. මෙම සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය මුදල් ලබා දීමේදී ඉහළම ප්‍රමුඛතාවය ඖෂධ සහ උපකරණ හිඟය විසඳීම සඳහා අවශ්‍ය ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව සෞඛ්‍යය වෛද්‍ය නිළධාරීන් පවසයි.

රෝහල් වල ගෙවන වාට්ටු ඇති කිරීම යන කාරණය බරපතල කාරණාවක් ලෙස දකින අතර, මෙම ගෙවන වාට්ටු ක්‍රමය ඇතිකිරීම කියන කාරණාව හරහා රෝගීන්ගෙන් මුදල් අය කිරීම කෙතරම් දුරට වර්තමානයේ සාධාරණද යන්න විමසා බැලිය යුතුමය.

රෂිකා හෙන්නායක
2022.11.17

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...