යුගයක අබිරහසක් සමග රහස් කියන කඳු අද සිට!

Date:

සටහන – විමල් කැටිපෙආරච්චි

කොළඹ (LNW): ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය අද ( නොවැ 17) සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ.

‘රහස් කියන කඳු’ සිනමා පටය රොටර්ඩෑම්, බූසාන් යන ජාත්‍යන්තර සම්මාන හිමිකර ගනිමින් රටට කීර්තියක් අත්කර දීමට සමත් වූ අතර එය දැනට ජාත්‍යන්තර සිනමා උළෙල 13 කට පමණ සහභාගී වී තිබේ. මෙරට ප්‍රේක්ෂකයාට එම සිනමා අත්දැකීම විඳගැනීමට අද සිට අවස්ථාව උදාවේ.

ජගත් මනුවර්ණ, සරත් කොතලාවල, ප්‍ර්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ආනන්ද කුමාරඋන්නැහේ ඇතුළු පිරිසක් මෙහි රඟති. කූඹියෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න රංගන ශිල්පියෙකු ලෙස රහස් කියන කඳු තුළින් සිනමාවට එක්වීම විශේෂත්වයකි.

මෙහි කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න, කලා අධ්‍යක්ෂණය උපුල් චමිල බණ්ඩාර, තිර රචනය ජගත් මනුවර්ණ සමග නාමල් ජයසිංහ වන අතර සංගීතය සපයා ඇත්තේ තිලංක ගමගේ ය.

‘රහස් කියන කඳු ‘ සුනිල් ටී.ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර, චන්න දේශප්‍රිය, රසිත ජිනසේන සාමූහික නිෂ්පාදනයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...