රට පුරා පිහිටි ආගමික ස්ථාන සඳහා සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියාව විසින් දෙරට අතර බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් මිලියන 15 ක ප්‍රදානය යටතේ , ඇ.ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන සහිතව ශ්‍රී ලංකාව පුරා පිහිටි ආගමික ස්ථාන සඳහා සූර්ය බලශක්ති ව්‍යාතිය මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට නියමිත බව තොරතුරු වාර්තා වේ.

මෙම වැදගත් ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් එක්ව අත්සන් කර ඇත.

මෙම වසර අවසන් වන විට මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු අවසන් කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියා සිටී.

ඔහු මේ බව පැවසුවේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික සිද්ධස්ථානවල සූර්ය බල පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, මෙම ව්‍යාපෘතිය යටතේ සියලුම ආගම් ඉගැන්වීමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන බෞද්ධ විහාරස්ථානවලට සහ ආයතනවලට සහන සැලසීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ.

තවද, ශ්‍රී පාද පුදබිම හැරුණු විට ජනතාව වන්දනාමාන කිරීමට පැමිණෙන වීදිවලට ​​සහ අනෙකුත් ස්ථානවලට සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම ඉන්දීය මූල්‍ය ප්‍රදානය මඟින් ආගමික සිද්ධස්ථාන 2000ක් පමණ ආවරණය වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

සෑම ආගමික ස්ථානයකටම කිලෝවොට් පහක සූර්ය පැනලයක් ලබාදෙන බවත්, රජයේ ආයතනවලට වහල ප්‍රමාණයට සරිලන සූර්ය පැනල ලැබෙන බවත් ඉදිරි මාස දෙක තුළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සහය ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳ නිවේදනය නිකුත් කරනු ලබූයේ, රාජ්‍ය ආයතනවල සහ ආගමික ස්ථානවල වහලයේ සූර්ය පැනල සවි කිරීම සඳහා ඩොලර් මිලියන 100 ක දිගුකාලීන ඉන්දියානු ණය මාර්ගයක් භාවිතා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කලින් ගත් තීරණයෙන් පසුව බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...