*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ඔස්ට්‍රේලියාවේ වෘත්තීය ගුණය දකුණු අප්‍රිකාව හඬවයි.

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ක්‍රිකට් යනු කණ්ඩායම් ක්‍රිඩාවකි.එහිදී ජයග්‍රහණය තීරණය වන්නේ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මකවීමේ හැකියාව මතය.එසේම එම කණ්ඩායමට විවිධත්වය තිබිය යුතුය.ඒ සියලු විවිධ දේ බෙදුණු පත රස ය ගුණය.ඔස්ට්‍රේලියාව එවැනි කණ්ඩායමක් බව සනාත කරමින් අවසාන තරගයට පිවිසිණි.ඒ දකුණු අප්‍රිකාව තියුණු තරගයකින් පසුව කඩුලු 3 න් පරාජය කරමින්ය.සැබවින්ම එය සුවිශේෂී ඔස්ට්‍රේලියානු වෘත්තීයමය භාවය විසින් දකුණු අප්‍රිකාව ඒ මට්ටමෙන් පහළ සිටින බව පෙන්නූ සාධකයක්ය.


තරගාවලිය ආරම්භයේදී ඔස්ට්‍රේලියාව සිටියේ අසාර්ථක මට්ටමෙන්ය.තරග දෙකක පමණ නිමවන විටත් ලකුණු සටහන් පූවරුවේ ඔවුන්ට හිමිව තිබුණේ අන්තිම පේළියේය.අන්තිම පේලීයේ සිටි කැන්ගරුවා මුල් කණ්ඩායම් හතර අතරට ආවේ ද අපහසුවෙන්ය.එහිදී ග්ලේන් මැක්ස්වල් අපූරු ද්විත්ව ශතකයක් ලබමින් ලෝක කුසලාන පරා වෘත්තයේ අමරණීය නමක් බවට සිය නම පත් කර ගනිද්දී පිළිමය නෙළු විරුවා බවට පත් වූයේ ඕසටේලියානු නායක පැට් කමින්ස් ය.
ඔහු පන්දු 68 වැය කරමින් ලකුණු 12 ක් ලබා නොදැවී සිට ග්ලෙන් මැක්ස්වෙල් විරුවාට නිර්මාණය වන්නට සියල්ල සූදානම් කර දුන්නේ ඕස්ට්‍රේලියාවට සිව් දෙනාගේ වටයට ඒමේ වාසනාවේ දොරට යතුර ඔබමින්ය.එය කරකවා විවර කළ මැක්ස්වෙල් ගේ නම හැමදාම ලෝක කුසලාන පොත පෙරළෙන විට තිබෙනු ඇතත් කමින්ස් ගැන කතා නොවෙනු ඇත.


අවසාන පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පලමුවෙන් පන්දු රැකි ඔස්ට්‍රේලියාව ආරම්භයේදීම යහපත් ප්‍රතිපල අත් කර ගන්නට සමත් විය.එහෙත් හෙන්රිච් ක්ලාසන් (47) සහ ඩේවිඩ් මිලර් (101) එක්ව පස්වන කඩුල්ලට ගොඩ නැඟුව සම්බන්ධය තරගය ඕස්ට්‍රේලියාව පැත්තෙන් ඈත් කරමින් සිටි මොහොතය.පැට් කමින්ස් නායකත්ව ප්‍රඥාව යොදා ගනිමින් පන්දු යැවීමට ට්‍රෙවිස් හෙඩ් කැඳ වූයේ අනපේක්ෂිකවය.සිය සුපිරි පන්දු යැව්මේ බල ඇණියට මෙල්ල කිරීමට අපහසු පිතිකරු සබඳතාවය හෙඩ් තිත් තැබූයේ ක්ලාසන් දවා ගනිමින්ය.ඉනික්බිති පමැණි වහාම හෙඩ් විසින් මාර්කෝ ජෙන්සන් ද හරවා යැවීය.කෙසේ වුව පීඩනය මැද සුපිරි ඉණිමක් දියත් කළ ඩේවිඩ් මිලර් අනගි ශතකයකින් පසුව දැවී ගිය අතර දකුණු අප්‍රිකාව ලබා දුන් ඉලක්කය බැලූ බැල්මට පෙණෙන ලකුණු 212 ක වූ ඉලක්කයක්ය.


එහෙත් බලාපොරොත්තු නොවුණු ලෙස දකුණු අප්‍රිකානුවන් තරගයට අවතීර්නණ විය.හෙඩ් පමණක් අර්ධ ශතකයේ සීමාවට ළඟා වූ අතර අතර මැදින් හොඳ සබඳතාවයකට යා නොදී දිගින් දිගටම ඕස්ට්‍රේලියානු ඉණිමේ කඩකොළු ඇති කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.ලකුණු 28 ට ජොස් ඉන්ග්ලිස් දැවී යන විට ඔස්ට්‍රේලියානු ලකුණු පූවරුව දිස් වූයේ කඩුලු 7 ට ලකුණු 193 ක් ලෙස ය.පිතිකරුවන් සියල්ල ඒ වන විට සිටියේ ක්‍රීඩාගාරයේය.තිබුණු එකම සැනසීම ලකුණු 13 ක ජයග්‍රාහී ඉලක්කයට සමීප වීමට පන්දු 61 ක් ඉතුරුව තිබීම පමණි.
එහිදී පන්දු යැවීමේ කුසලතාවය සහිත මිචෙල් ස්ට්‍රැක් මෙන්ම නායක පැට් කමින්ස ද විශ්වාසයට ගත්තේ තමන් පන්දු යවන්නන් මිස පිතිකරුවන් නොවන නිසා මේ මොහොතේ අලංකාර පහරවලට යාමේ අවදානමෙන් මිදී, ඇති විශාල පන්දු ප්‍රමාණය කල්පනාවෙන් සුළු ලකුණු ඉලක්කය පසු කිරීම සඳහා යොදා ගැනීමය.කමින්ස සහ මිචෙල් තමන්ගේ වගකීම වෙනුවෙන් අවශ්‍යය කැපවීම ප්‍රගුණ කර තිබිණ.එය සංයමයෙන් ප්‍රදර්ශනය කළේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවීම සදහා අවශ්‍ය සුදුසුකම සපුරා ගනිමින්ය.


පෞද්ගලිකව මේ රටවල් දෙකටම අපක්ෂපාති ප්‍රේක්ෂකයෝ ඇත්තේ අඩුවෙන්ය.දැන් තත්ත්වයට අනුව එවැනි පිරිස් කහපාට ඕස්ට්‍රේලියාවට සමීප වනු ඇත.එහෙත් එවැනි විදෙස් කිසිඳු ප්‍රේක්ෂකයෙක් නොමැත් වුව ද ලොව වැඩිම ජනගහනයක් සිටින රටක් වශයෙන් ඒ ජනගහනයෙන් බහුතරයක් ක්‍රීකට් ලෝලීන් වීම ඉන්දියාවේම මේ තරගාවලිය පැවත්වෙන මොහොතක ඔවුන්ගේ පැත්තෙන් වැදගත්ය.එහෙත් ඕස්ට්‍රේලියාව තරගයේ ස්වභාවයට අනුව ජයග්‍රහණය කරා රැඟෙන යන්නට පෙළ ගැසුණු සුවිශාල එකමුතුවකින්,විවිධත්වයකින් පිරී තිබෙන බව ද අමතක කරන්නට බැරිය.සියලු දත්ත අනුව මේ සිටින්නේ මේ මොහොතට අදාළව ලෝකයේ සිටින හොඳම ක්‍රිකට් කණ්ඩායම් දෙක යන්න අවිවාදිතය.ඒ නිසා කුමන චෝදනා විවේචන තිබුණත් මෙවර ලෝක කුසලාන අවසාන තරගය සැබෑම දක්ෂයන් දෙදෙනා අතර පැවත්වීමට නියමිතයි යන්න විශ්වාස කළ යුතුය.මේ විශිෂ්ඨයෝ අඩුම වැරදි ප්‍රමාණයක් කරමින් ජයග්‍රහණයට මාවත සකස් කර ගන්නට දරන උථ්සාහය විචිත්‍රවත් සහ අපූරු එකක්ක වනු ඇත.
අවසාන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව ගැටුණ තරගයේ ලකුණු පූවරුව.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/australia-vs-south-africa-2nd-semi-final-1384438/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan