ණය බර, බදු බර, බුක්ති විඳින්නේ මහපාරේ ඉන්න ජනතාව – හඳුන්නෙත්ති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අයවැය පරාජය කිරීමට ඇති හොඳම විසඳුම වන්නේ , පාර්ලිමේන්තුවෙන් පිට, ණය බර, බදු බර, බුක්ති විඳිමින් සිටින මහපාරේ ජනතාව සමඟ එක්වී යථාර්තයට මුහුණ දීම බව, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

තවද, මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ සාකච්ඡාවකට පවා ගතයුත්තක් නැති අයවැයක් බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

තව දුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා,

අයවැය පරාජය කරන්න කිසිම වැඩපිළිවෙළක් අපට ඉදිරිපත් කරන්න බැහැ. නමුත් පාර්ලිමේන්තුවෙන් පිට මහපාරේ පරාජය කරන්න වැඩපිළිවෙළක් අපට තිබෙනවා. මේ ණය බර, බදු බර, බුක්ති විඳින්නේ මහපාරේ ඉන්න ජනතාව. අයවැය ඇස්තමේන්තුවල මුළු වියදමින් බිලියන 5227ක් වෙන්කර ගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ යටතේ තිබෙන අමාත්‍යාංශවලට. ජනාධිපති හැටියට ඔහුට කෝටි 629ක් වෙන්කර ගෙන තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ දිනේෂ් ගුණවර්ධන අගමැති මුළු වියදම්වලින් 79%ක් වෙන්කර ගනිද්දී ඉතිරි ඇමතිවරුන් 27 දෙනෙකුට වෙන්කර තිබෙන්නේ මුළු වියදමෙන් 21%යි. ඇත්තටම පාර්ලිමේන්තුවේදී අයවැය පරද්දන්න ඕනෑ අපි නොවෙයි, අර ඇමතිවරු 27දෙනායි. කෝටි 42373ක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර තිබෙනවා. පීඩනයට එරෙහිව පාරට බහින ජනතාවට, ශිෂ්‍යයින්ට කඳුළු ගෑස් ගහන්නද මේ තරම් වියදමක් වෙන් කරන්නේ. පොලීසියේ, හමුදාවේ පඩි වැඩිවෙන්නේත් පොදු මහජනතාවගේ අරගලවලින් දිනා ගන්නා පඩි වැඩිවීමෙන් විතරයි. අද පඩිවැඩි කර ගන්න උද්ඝෝෂණය කරන ජනතාවට පහර දෙන්න හමුදාවටත් පොලීසියටත් ආපසු හැරෙන්න සිදුවෙනවා. ඇත්තටම අයවැය පරාජය කරන්න තිබෙන්නේ මහපාරේ” ලෙස ඔහු කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...