*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ලැජ්ජා නැති මහාචාර්ය සභාපති!

කොළඹ LNW:කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විරෝධය මේ වන විට උත්සන්න වෙමින් පවතියි.

අද (17) දිනයේදී ද පාර්ලිමේන්තුවේදී ඔහු සම්බන්ධයෙන් විපක්ෂය විසින් කරුණු දැක්වීමක් සිදුකළ අතර මෙම මහාචාර්ය සභාපතිවරයාගේ හැසිරීම රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ල කරන බවටයි ඔවුන් චෝදනා කළේ.

පසුගිය 14 වැනිදා ක්‍රිකට් පාලක මණ්ඩලය කෝප් කමිටුවට කැඳවා සිදුකළ විමර්ශනයේදී මෙම සභාපතිවරයාගේ හැසිරීම පක්ෂග්‍රාහී බවටත් ඔහුගේ මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී ඔහුගේ පුත්‍රයා වන කනිෂ්ක බණ්ඩාර ද කෝප් කමිටු රැස්වීමට කැඳවා ගෙන ගොස් තිබුණු බවට චෝදනා එල්ල විය.

ඒ අනුව පාර්ලිමේන්තුවේදී මෙම මහාචාර්ය සභාපතිවරයාට එල්ල වුණු විරෝධයට සමගාමීව දැන් මූල්‍ය අංශයට සම්බන්ධ බාහිර පාර්ශව වෙතින්ද ඔහුට විරෝධය එල්ල වන්නේ කෝප් කමිටුව තුළ ඔවුන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම් ද පාදක කරගෙනය.

ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් පවසා තිබුණේ වර්තමාන කෝප් සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙසයි.

ඒ අනුව ඔවුන් යෝජා කර තිබුණේ,එක් එක් ආයතන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත්කරන සාකච්ඡා සටහනෙහි ඇතුළත් ප්‍රමුඛතම හා විශේෂිතම කරුණු මගහැර සාපෙක්ෂව අඩු අවධානමක් සහිත කරුණු ඉස්මතුකරමින් ඒ සඳහා වැඩි වේලාවක් ගනිමින් විශේෂ හා ප්‍රධාන කරුණු උපක්‍රමශීලීව මඟහැරීම.

කමිටුව විමර්ශනය කරන කරුණු සම්බන්ධයෙන් නිශ්චිත නිර්දේශ හෝ මාර්ගෝපදේශ ලබාදීම මගහැරීම මෙන්ම නිගමනයකින් තොරව සාකච්ඡා අවසන් කිරීම මඟින් කමිටුවේ වගකීම් පැහැර හැරීම.

කෝප් කමිටුව පැවැත්වෙන අතරතුර විමර්ශනයන්ට ලක්වන ආයතනවල කළමනාකරන මණ්ඩල සාමාජිකයන් සමඟ හස්ත මුද්‍රාවෙන් උපදෙස් ලබාදීම හා කරුණු දැක්වීම්වලදී ආයතන සාමාජිකයන්ට වාසිදායක ලෙස කටයුතු කිරීම.

කෝප්‌ කමිටුව පැවැත්වීමට පූර්ව දිනයක දී කමිටුව වෙත ඉදිරිපත්‌ වන කරුණු සම්බන්ධයෙන්‌ විගණකාධිපතිතුමා ඇතුළු නියෝතයින්‌ සමඟ සාකච්ඡාකර එකී කරුණු නිවැරදිව වටගාගෙන ඊට අනුකූලව සභාව මේහෙයවීම් සඳහා හිටපු සභාපතිවරුන් පූර්ව කෝප් කමිටු රැස්වීමක් පැවැත්වූ නමුත් එවැනි කමිටු රැස්වීමක්‌ පැවැත්වීමේ සම්ප්‍රදායෙන්‌ බැහැරව කටයුතු කරන බව පෙන්වාදීම යනාදියයි.

කෝප් කමිටු ඉතිහාසය තුළ එහි සභාපතිවරයෙක් මෙලෙස චෝදනාවට ලක් වී නොමැත. ඒ ඉතිහාසයේ සියලු වග විභාග පරයා යමින් මහාචාර්ය සභාපතිවරයා සමාජයේ විරෝධයට මෙන්ම සිනහවටද ලක්වී හමාරය.

මේ අතර රංජිත් බණ්ඩාර මහතාට පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඇඟට දැනෙන පරිදි චෝදනා එල්ල කරමින් ඔහුගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කළේ කතානායකවරයාටද මඟහැරිය නොහැකි වන අයුරිනි.

මේ වන විට විපක්ෂයෙන් නැගුණු දැඩි ප්‍රශ්න කිරීම හමුවේ නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ නිසි බලධාරියා ලෙස කතානායකවරයා තීරණය කර තිබේ. එය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

හාස්‍යට කරුණ නම් කෝප් කමිටුව වෙත සිය පුත්‍රයා රැගෙන ආවේ කුමන බලයකින්ද යන්න විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමට පිළිතුරක් ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් විපක්ෂ නායකයට යොමු කර තිබෙන ලිපියයි.

එම ලිපිය තුළ විපක්ෂ නායකයා නගන ප්‍රශ්නවලට පිළිතුරු දීම කෙසේවෙතත් ඔහුගේ දැන උගත්කම් සම්බන්ධයෙන් නම් සඳහන් කර තිබේ.

එපමණ දැන උගත්කම් තිබෙන සම්මානිත මහාචාර්යවරයෙකු මෙලෙස චෝදනාවට ලක්වන අයුරින් හැසිරුණේ කෙසේද?

මේ වන විට අනාවරණය වී තිබෙන කරුණු අනුව කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියේ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් ලැබැදියාව අතර ගැටුම් කියන තත්ත්වය මත මොහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ තොරතුරු විමසීම්වල සභාපතිවරයා ලෙසත් කටයුතු කිරීම සිදු කල හැකිද කියා ගැටලුව මතුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි බ්‍රේන් සෙන්ටර් එකක් සෑදීමේ වැඩසටහනට බිස්නස් මැන්ජේමන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ ආයතනය, උපදේශක ආයතනයක් ලෙස පත් කළ යුතු බවට සදහන්ව ඇති බවත් එම ආයතනයේ ප්‍රධාන නිලධාරියා වන්නේද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වීමත් අනෙක් ප්‍රශ්නයයි.

සේම රාජ්‍ය මුදල් කාරක සභාවට විපක්ෂ නායකවරයාට ඊට සහභාගිව විය හැකි වුවත් එහිදී අදහස් දැක්වීමක් කිරීමේ හැකියාවක් නැත. එයද මෙම සභාපතිවරයා මැදිහත්වී ගත් තිරණයක ප්‍රතිඵලයකි. එවැනි පසුබිමකයි මෙකී සභාපතිවරයා අමුතු බලයක් ආරෝපණය කරගෙන ඇත්තේ.

එසේ තිබියදී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුතා වන කණිෂ්ක බණ්ඩාර මහතා කෝප් කමිටුවේ වාඩිවූයේ කෙසේද?

ඒ සම්බන්ධයෙන් රංජිත් බණ්ඩාර මහතා පවසා තිබුණේ කණිෂ්ක බණ්ඩාර සිය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවයි.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එසේ කියද්දී අපට අනෙක් පැත්තෙන් කියන්නට ඇත්තේ මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධිකාරක ලේකම්වරයෙකුට පාර්ලිමේන්තුවේ කමිටුවක වාඩි වී කරන්නට දෙයක ඇත්තටම නැති බවය.

ඒ කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ මෙම කෝප් කමිටුවට එසේ හිතු මනාපයට යා නොහැකිය. ඊට සහභාගී විය හැක්කේ කෝප් කමුටු සාමාජිකයින් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය,විගණකාධිපති සහ එම කාර්ය මණ්ඩලයට මෙන්ම කමිටුවේ සාක්ෂි ලබා දීමට හෝ අදාළ විමර්ශනයන්ට කමිටු සභාපතිගේ දැනුම්දීමෙන් පසු අදාළ රාජ්‍ය ආයතන නිලධාරින්ටය.

ඊට අමතරව පෞද්ගලික හිතවත්කම් වලට හෝ එය නැරඹීමට කියා හෝ එසේ එම කමිටුවට යා නොහැකිය.

කෝප් කමිටුව ස්ථාපිත වන්නේද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුවය. ඒ අනුව නිසි පරිදි ක්‍රියා නොකරන මෙවැනි සභාපතිවරු ඉවත් කිරීමේ හැකියාවද ස්ථාවර නියෝගවල පවතින හෙයින් පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයට අභියෝගයක් වන තැනකදී පැහැදිලි ලෙසම තීරණයක් ගැනීමේ හැකියාව පවතියි.

එසේ නොමැතිව සිදුවන්නේ කෝප් කමිටුව පමණක් නොව සෙසු කමිටුද ඈලියාවට යාමය.

නීතිමය තත්ත්වය එසේ තිබියදී මේ වන විට සියල්ල උල්ලංඝනය කර මන්ත්‍රී වරප්‍රසාද යටතේ හෝ කමිටුවේ සභාපතිවරයාගේ පුත්‍රයා ම කමිටුවේ වාඩි ගෙන සිට ඇත.

එක් පසෙකින් කමිටු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධයක් පවතින විට එය සඟවා ගනිමින් තවදුරටත් එම විමර්ශනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී අනෙක් පසින් තමන්ගේ පුතවද කමිටුවේ වාඩි කරවාගෙන කුමන ආකාරයක විමර්ශනයක් සිදුකරන්නට සැලසුම් කර ඇත්ද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්නයකි.

කෙසේවෙතත් මහාචාර්යවරයෙකු ලෙස ඔහුටද ඔහු සම්බන්ධයෙන් ලැජ්ජාවක් නැතිවෙන විට තරුණයෙකු ලෙස කනිෂ්ක බණ්ඩාරටද සිය පියාගේ වරප්‍රසාදවලට මුවා වී හැසිරීමට තරම් ලැජ්ජාවක් නැති වී තිබේ. එය උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ ක්‍රමය නොවන බව අපි දනිමු.

අද පාර්ලිමේන්තුවේදී කෝප් කමිටු සාමාජික එස්.එම්.මරික්කාර් මහතාද චෝදනා කළේ අත්තනෝමතිකව රංජිත් බණ්ඩාර මහතා ක්‍රියා කරන බවයි.

රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් කෝප් කමිටුවට සහභාගී වීමට වන්නේද කිසිදු පූර්ව සූදානමකින් තොරව වන අතර අසන ප්‍රශ්න මොනවාද ? අසන්නේ කෙසේද යන්න පවා තීරණය කරන්නේ සභාපතිවරයා බවට මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී.

බැලු බැල්මටම එය එවැනි කමිටුවක ස්වාධීනත්වයට කරන බරපතල හානියකි. එවැනි තැනක පැහැදිලි ලෙසම ඊට එරෙහිව ක්‍රියා කළ යුතු වන අතර නැත්නම් එවැනි කමිටු පවත්වාගෙන යාමෙන් හෝ පලක් නොවනු ඇත.

දැන් මහාචාර්ය සභාපතිවරයාගේ විශ්වසනීයත්වය මෙන්ම අපක්ෂපාතිභාවය සම්බන්ධයෙන් ඇත්තේ බරපතල ප්‍රශ්නයකි. එමෙන්ම දැන උගතෙක් සම්බන්ධයෙන් වන ලැජ්ජාවකි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan