පොහොට්ටු පාලනය විසින් රට උලාකාලා ජනතාව නන්නත්තාර කරලා දැම්මට පස්සෙ ඒකේ රිඇක්ෂන් එක විදියට පිටාර ගැළූ මහජන පීඩනයෙන් පොහොට්ටු නායකයින් බේරුනෙ රනිල්ට ආන්ඩුව බාරදීමේ උපායෙනි..
දැන් පවා රනිල්ගේ පාලනය රැඳී ඇත්තේ පොහොට්ටු බහුතරය මතය.. එසේම දැනුදු පොහොට්ටු නායකයන්ගේ ආරක්ෂාව රැඳී ඇත්තේ රනිල්ගේ පාලනය මතය..
මේ අයවැය පවා සම්මත වන්නේ පොහොට්ටු මන්ත්‍රීන්ගේ චන්දය නිසාය..
නමුත් රනිල්ගේ අයවැයෙන් මිනිසුන් පීඩාවට පත්වෙන විට දෙටු පොහොට්ටුවන් කිඹුල් කඳුළු සලති.. බොරු ජනතාවාදී බවක් රඟ දක්වමින් රනිල්ට ගොරවයි..
ඒ නැවත වටයකින් රට උලා කෑමට මාවත පාදාගනු වස්ය…
මෙහිදී අනික් පැත්තෙන් රනිල්ටද අවශ්‍ය ඊළඟ ජනපතිවරණය හමුවන තෙක් කෙසේ හෝ පිනට පහලවූ ජනපති කමේ රස විඳිමින් කල් මැරීමටය.. දෙගොල්ලම ජනයාට කොකා පෙන්වමින් මතුපිටින් බැන අඬගහගනිමින් රහසේ මාරුවෙන් මාරුවට එකිනෙකාගේ හොරි කසා ගනී….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN