සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 18,(LNW) කොළඹ :
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙන්නෙ ඇමෙරිකාව ලෝක ක්‍රීඩාව එක්ක වැඩ කරන තීරණාත්මක මොහොතකයි.2026 දී ඇමෙරිකාව ලෝක පාපන්දු උන්මාදය එක්ක පැටලෙනවා.2028 දී ඔලිම්පික් ක්‍රීඩා උළෙල තියෙන්නෙත් ඇමෙරිකාවෙ.
පිට ඉදන් ඇමෙරිකාව දිහා බලන කොට ඩොනල්ඩ් ට්‍රම්ප්ව තෝරා ගැනීම ගැන ඇමෙරිකාවෙ මිනිස්සුන්ට පිස්සුද කියලා අහන්නත් හිතෙනවා.ඒත් ඇමෙරිකාවෙ මිනිස්සුන්ට ඇමෙරිකාව ගැන තීරණය කරන්න අයිතියක් තියෙනවා.
අති නවීනත්වය තමයි ලෝක බලවතාගෙ විලාසිතාව වෙන්න ඕනි.එතකොට පදනම විද්‍යාත්මක වෙන්න ඕනි.ඒත් ට්‍රම්ප් මිනිස්සු ගැන වුණත් තවම පරණ විදිහට හිතන බව පේනවා.ඔහු කාන්තාවන් ගැන දෙවන මට්ටමෙන් සිතීම වගේම සංක්රාන්තිත්වය ගැන දරණ අදහස් විද්‍යාවට එකඟ නැහැ.හැබැයි ඒක ඇමෙරිකානු අදහසක් විදිහට ට්රම්ප්කරණය වීමකට ඇමෙරිකාව බඳුන් නොවෙනවානම් පුද්ගල අදහස ඒ තරම් වැදගත් වන්නේ නැහැ.
මේ අදහස මතුවන්නෙ ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව මේ මොහොතේ තාර්කිකව මනුෂය වර්ගයා සම්බන්ධයෙන් දරන අදහස ඉතා ඉහළ මට්ටමක තිබෙන නිසයි.ස්ත්‍රී පුරුෂ භාවය පමණක් නොවන සංක්‍රාන්තික ප්‍රජාවටත්,විද්‍යාත්මක පිළිගැනීමක් සහිත පරිසරයක සිය ක්‍රීඩා හැකියාවන් සඳහා දොර විවරව ඇති මොහොතක,2028 ලොස් ඇන්ජලීස් එන ඔලිම්පික් උළෙලට කුමනාකාර ප්‍රතිචාරයක් ලැබේදැයි සැකයක් මතු වෙනවා.මතවාදීව ට්‍රම්ප් සය අදහස ඇමෙරිකානු අදහස හැටියට,තමන්ගේ දේශපාලනික සමාජය තුළ රෝපනය කළොත්,යම්කිසි මානුෂික ඝට්ටනයකට යා හැකිව තිබෙනවා.එයින් ක්‍රීඩා උළෙලේ ප්‍රභාස්වරය හැකිලී මිලින වී යන්නටත් ඉඩ තිබෙනවා.
මේ තත්ත්වය තව දරටත් ඇතිවීමේ අවදානමක් දකින්නේ ජාත්‍යන්තර ඔලිමිපික් කමිටු සභාපති තෝමස් බැච් ද මේ වන තුරුත් තමන්ගේ ඊ ළඟ ඉහළම ඉසව්ව පැවත්වෙන රටේ අලුත් ජන නායකයාට සුබ පතමින්,මේ වන විටත් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වයන් තුළ ගැටළු ගැන හෝ කතා කරන්නට බැච් ට පාරක් හදා ගන්නට තිබුණා.මෙහිදි ට්‍රම්ප වර්ගයේම ආඩම්බරයක් නිසා ද,තෝමස් බැච් ද නිහඬව සිටින අතර පාපන්දු සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ ඊට වඩා වෙනස් ක්‍රමයකින් ට්‍රම්ප්ට තෝමස් බැච් ඉක්මවා සමීපව සිටිනවා.
සුබ පැතීම මෙන්ම සුහදතාවය පෙන්වමින් ජියෝවානි කැනඩාව,සහ මෙක්සිකෝවත් හවුල් කර ගෙන පැවත්වෙන 2026 පාපන්දු ලෝක කුසලානය සාර්ථක කර ගන්නට මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.ඒ නිසා ඇමෙරිකානු රජය පැත්තෙන් තරග පැවත්වෙන ප්‍රදේශවල ප්‍රාදේශීය පරිපාලනයන්ට පමණක් මෙහි බර කරට ගන්න නොතබා සහයක් දෙන තැනකට ට්‍රම්ප්ගේ ආශිර්වාදය පාපන්දු ලෝක කුසලානයට ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකියි.
තෝමස් මේ ආඩම්බරකාර ට්‍රම්ප් සමඟ පස්ස ගසමින් සිටින්නේ ඒ බර ඔහුට 2025 දී අත හැර දමන්නට වන නිසා දැයි කියන්නටත් බැහැ.මන්ද,ඔහු 2025 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තනතුරෙන් සමුගෙන යන්නට නියමිතව තිබෙනවා.එසේ වුවහොත් නව පත්වන සභාපතිවරයාට ට්‍රම්ප් සමඟ ගනුදෙනුව මුල සිට පටන් ගන්නට වෙනවා.කෙසේ නමුත් ලොස් ඇන්ජලීස් නගරයද 2026 ලෝක කුසලානයට සත්කාරකත්වය දරන නගරයක් බැවින් යම් කිසි පහසුවක් මෙන්ම විශාල ජනතාවක් නරඹන්නට ඇදී එන ක්‍රීඩාවක් බැවින් නගරයේ රථ වාහන පාලනය ගැන සහ මිනිස් හැසිරීම් සහ අවශ්‍යයතා ගැනත් ඔලිම්පික් ප්රධානීන්නට යම් කිසි ආකාරයක තීරණය පෙර පහසුවන ප්‍රායෝගික පරීක්ෂණයක් නිරීක්ෂණය කරන්නට ඉඩ ලැබෙනවා.
එය එක අතකට ලොස් ඇන්ජලීස් නුවරට 2026 සමඟම 2028 වැඩේ වැඩ කොටසක් සමාප්ත කරන්නට ලැබෙන විශාල පිටුවහලක් ද විය හැකියි.මේ වන විට ලොස් ඇන්ජලීස් ඔලිම්පික් සංවිධායක කමිටුව ක්‍රීඩාංගණ අභ්‍යන්තරය ගැන මූලික වශයෙන් සැළකිලිමත් වුවහොත් පසුව පිටත අදහසක් දැක දැන වැඩ කටයුතු කළ හැකියි.
මේ තත්ත්වයේ දී මේ සංවිධාන දෙකේ ඉහළ මට්ටම තරමටම,ට්‍රම්ප් ඇතුළු ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රධාන පාලකයන් ද ඉතාමත් සංයමයෙන් හැසිරීම වැදගත් වෙනවා.ලෝකයේ පවත්වන ඉහළම ක්‍රීඩා සැණකෙලි දෙකට වසර දෙකක් තිස්සේ සංවිධායකත්වයෙක් දායකවිම වැනි කාරණයක් ඇමෙරිකාව නොවන රටකට කළ නොහැකි තරමටස විශාලයි.එසේම මේ කාරණයේ දී පාර්ශව තුනක් ලෙස ඇමෙරිකානු රජය,ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පෙන්වන සංයමය සහ ශික්ෂනය සමස්ත ලෝක වාසීන්ගේම ආනන්දය තීරණය කරන ප්‍රඥාවෙන් පොහොසත් විය යුතුයි.
මෙම ක්‍රීඩා උළෙල දෙක ගැන ආශක්ත නොවන පුරවැසියෙකු ලෝකයේ සොයා ගත නොහැකි තරම්.එසේම උදා වී තිබෙන තත්ත්වයට සාපේක්ෂව මේ ලෝක ක්‍රීඩා උළෙල දෙකක සත්කාරකත්වය ආසන්න කාල සිමාවන් දෙකක දරන ඇමෙරිකාව සහ එම ජාත්‍යන්තර සම්මේලන විසින් එකිනෙකා කෙරෙහි යම් ගැටුම් කාරී තත්ත්වයක් නිර්මාණය කර ගතහොත්,එය ලෝකයම අවුලුවා ලිය හැකි තරමේ ඛේදවාචකයක්ද විය හැකියි.ඒ බව රටේ මුල් පුටුව මෙන්ම මෙම සංවිධානයන් හී මුල් පුටු ද අවබෝධ කර ගෙන ක්‍රියාත්මක විය යුතුයි.