‘හස්ති සේනා’ මෙහෙයුම :ගජබාහු හස්තියා සැරිසරන යාං ඔය – වාහල්කඩ ප්‍රදේශයට!

කොළඹ LNW:වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි–මිනිස් ගැටුම අවම කිරීමත් අරමුණු කරගත් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ කැබිතිගොල්ලෑව, යාං ඔය – වාහල්කඩ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් අද (18) ආරම්භ කෙරිණි.

වාහල්කඩ, ඉස්සන්වැව, පුංචිමුදාගම, ගල්කඩවල සහ යාං ඔය අලුත් පාර ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සහ යුද හමුදාපතිතුමාගේ සුවිශේෂී සහයෝගය හා දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමට සමගාමීව, 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමින්ද සිල්වා මහතාගේ සහ 211 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් වික්‍රමාරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ, 5 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් චමිල බණ්ඩාර මහතාගේ සහ 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් හර්ෂ ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් හා සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සංවිධානය කර තිබිණි.

මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයන් 60 දෙනෙකු ඇතුළුව 71 දෙනෙකුගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් එක්ව සිටියහ.

එමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා ඇතුළු මැදවච්චිය අඩවි ආරක්ෂක වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරුන් 03 දෙනෙකු, අඩවි සහකාරවරුන් 05 දෙනෙකු, වනජීවී නියාමකවරුන් 13 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ සහායක නිලධාරීන් 04 දෙනෙකු ද මෙම මෙහෙයුමට එක්ව සිටියහ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 30 දෙනෙකු ද මෙම විශේෂ මෙහෙයුම සඳහා සිය දායකත්වය ලබා දී තිබිණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයුම් ශක්තියත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය දැනුම හා අත්දැකීම් මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයත් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ තුළින් වනජීවී සංරක්ෂණය සඳහා වඩාත් විධිමත් හා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් ගොඩනැඟීම අපේක්ෂා කෙරේ.

අලි ඇතුන්ගේ ජීවිතත්, මිනිස් ජීවිතත් එකසේ සුරක්ෂිත කිරීමේ ජාතික වගකීම පෙරදැරි කරගනිමින්, පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ඇතිව ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනේ සද්ධාරතන හිමි රිමාන්ඩ්

අනුරාධපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමි...

ජනපති අනුරට රාජතාන්ත්‍රික ඇරයුමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී...

රාජ්‍ය ආයතන එකාබද්ධ කිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: වත්මන් රජයේ ප්‍රථම රාජ්‍ය...