කොළඹ LNW:”ජනතාව පෙළන,රට විකුණන වියරු දූෂිත පාලනය පන්නමු” මැයෙන් අද (18) ජාතික ජන බලවේගය විසින් නුගේගොඩදී විරෝධතා පෙළපාලියක් සහ රැළියක් සංවිධානය කර තිබුණි.
බදු බර,බඩු මිල,විදුලි බිල,අසීමිතව ඉහළ දමන,ජාතික සම්පත් විකුණන,මර්දන අණපනත් සම්මත කරන කොල්ලකාරී ජන පීඩක ආණ්ඩුවට එරෙහිවයි එය සංවිධානය කර තිබුණේ.
දෙල්කඳ පොළ අසලින් පෙළපාලිය ආරම්භ කර නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයට පෙළපාලිය පැමිණ අනතුරුව රැළිය පැවැත්විණි.
ජාතික ජන බලවේගයේ ඉදිරිපෙළ නායකයින් රැසක්ම එහිදී රැළිය ඇමතූ අතර විශාලා පිරිසක් ඊට සහභාගී වී සිටින බවයි දක්නට ලැබුණේ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න