*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

දැන් ජනතාවගේ හයිය ආණ්ඩුවට පෙන්වන්න ඕනේ.ජනතා බලය නිර්මාණය කරන්න සූදානම් වෙන්න!

කොළඹ LNW:මේ වන විට ජනතාවගේ වගකීම වී ඇත්තේ වත්මන් පාලනය පලවා හැරීම සඳහා දැවැන්ත ජනතා බලයක් නිර්මාණය කිරීම බව ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

අනික් පැත්තෙන් ආණ්ඩුවට ජනතා විරෝධීව කටයුතු කරන්න එපා කියන අනතුරු ඇඟවීම සිදුවිය යුතු බවයි ටිල්වින් සිල්වා මහතා පවසන්නේ.

මේ වන විට ඉදිරිපත් කර තිබෙන අයවැය තුළ ඇත්තේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා කීයක් හෝ ඉල්ලා ගැනීමේ උත්සහයක් බවත් ජනතාවට සහනයක් දීමේ වැඩපිළිවෙලක් එහි නැති බවත් ඔහු කියාසිටියි.

”අයවැය තුළ හෝ ඉන් පිට පීඩාවට පත් ජනතාවට සහන දීමේ ප්‍රායෝගික කිසිම වැඩපිළිවෙළක් නැහැ. රනිල් වික්‍රමසිංහලා වගකිව යුතු අර්බුදයේ බර තව තවත් ජනතාව මත පටවමින් වසරක් ඇතුළත විදුලි බිල තෙවරකින් 400%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ දැම්මා. මේ නිසා ජනතාවට විදුලි බිල දරා ගන්න බැහැ වගේම කර්මාන්ත කඩා වැටීමට හේතු වී තිබෙනවා. විදුලි බිල වැඩිකිරීම, තෙල් මිල වැඩිකිරීම සහ ආනයන පාලනය නිසා කර්මාන්ත සහ ව්‍යාපාර 2000ක් පමණ වැසී ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ නිසා පසුගිය වසර එකහමාරක වගේ කාලය තුළ ලක්ෂ පහළොවකට පමණ රැකියා අහිමි වෙලා. බැංකු ණය ගත් ව්‍යාපාර 556ක් බැංකුවලට සින්න වෙලා. රටේ ආර්ථිකය තව තවත් දුර්වල කරන ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වී සිටින බව මේ දත්ත අනුව පැහැදිලියි. රට ගොඩගන්න දැක්මක්, සැලැස්මක් හෝ ඕනෑකමක් ආණ්ඩුවට නැහැ. එදා වේල ගතකරමින් පොදු ජනතාව විශාල පීඩාවකට ලක්කරමින් යනවා.

නැවත වටයකින් විශාල වශයෙන් බදු බර වැඩිකිරීමෙන් තවත් වටයකින් භාණ්ඩ මිල ඉහළ යනවා. පොදු ජනතාව මත මේ බර පටවා ආණ්ඩුව වටේ ඉන්න හුරතලුන්ට විශාල සහන ලබාදෙමින් ශත විසිපහට තිබුණු සීනි බද්ද රුපියල් 50 දක්වා වැඩිකිරීම වගේ ක්‍රියාමාර්ග ගන්නවා. සමස්ත අර්බුදය ජනතාව මත පටවා, විනාශකාරී මාවතේම ඇදගෙන යමින් පීඩාව තවදුරටත් ජනතාව මත පටවා ආණ්ඩුව වෙනත් රඟපෑම්වල යෙදී සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ මහින්ද රාජපක්ෂගේ මේ අයවැය සම්බන්ධ ස්ථාවරය ජනතාව හමුවේ තැබිය යුතුයි. එකිනෙකා තම තමන්ගේ ගැලවීම වෙනුවෙන් විවිධ කතා කියමින් යනවා. එවැනි විගඩම්වලින් ජනතාව තවදුරටත් රවට්ටන්න ඉඩදිය නොහැකියි. මේ අර්බුදයට මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාත් එකසේ වගකිව යුතුයි.

රාජපක්ෂලා ඇතුළු කණ්ඩායම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දුවක් දී තිබියදී එම වගකීම ගැනීමද ඔවුන් ප්‍රතික්ෂේප අක්රමින් තිබෙන බව ටිල්වින් සිල්වා මහතා පවසයි.

වඩා යහපත් ජීවිතයක් අපේක්ෂා කරමින් මේ අයට බලය දුන් පොදු ජනතාවට කිසියම් හෝ සහනයක් දීමට ප්‍රායෝගික කිසිවක් කර නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

”රජයේ සේවකයන්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක් පඩි වැඩිකරන බව කීවත් ජනවාරි මාසයේ සිටම බදු වැඩිකර තිබෙනවා. මේ තත්වයන්ට එරෙහිව පාරට බහින ජනතාව මර්දනයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, සමාජ මාධ්‍ය මර්දන පනත වගේ පනත් ගෙනඑමින් සිටිනවා. තම අයිතිවාසිකම් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කළ ගුරු විදුහල්පතිවරුන්ටත් පහර දුන්නා. රටක් හදන්න තිබෙන ස්වභාවික සම්පත් සහ මානව සම්පත් විනාශ කරමින් යනවා. ඉතිරි වී තිබුණු අවසන් සම්පත් ටිකත් විදේශ සමාගම්වලට විකුණමින් යනවා. තැපැල් කාර්යාලත් විකුණන් කන්න යනවා. රටක් ගොඩනඟන්න සිටින කර්මාන්තකරුවන් විදුලි බිල, ඉන්ධන මිල, බදු බර වැඩිකරමින් වට්ටනවා. අපනයනකරුවන් වට්ටනවා. රට ගොඩනගන්න මැදිහත් කර ගත හැකි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් මත විශාල බදු බරක් පටවලා රට අත්හැර යාමට සලස්වා තිබෙනවා. ජනතා විරෝධී, ජන පීඩක, ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටින මේ දුෂ්ට පාලනය පරාජය කළ යුතුව තිබෙනවා. ලංකාවට ලෝකය හමුවේ කිසියම් හෝ ගෞරවයක් ලබාගැනීමට තිබුණු ක්ෂේත්‍ර සියල්ලම විනාශ කරමින් යනවා. ඒ වෙනුවෙන් තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවත්, අපේ සංස්කෘතියත්, කර්මාන්තත් ජනතාවගේ සංස්කෘතියත් විනාශ කරමින් රට හිස් මුඩුබිමක් බවට පත්කරමින් සිටිනවා. මේ විනාශකාරී ගමන් මාර්ගයට පැලැස්තර විසඳුම් නැහැ. රනිල් වික්‍රමසිංහලා, මේ විනාශකාරී ක්‍රමය පරාජයට පත් කර ජනතාවාදී පාලනයක් බිහිකිරීම හැර වෙන උත්තරයක් නැහැ. මේ පාලනය පරාජය කිරීමට දැවැන්ත ජනතා බලයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඒ අතරම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නත් සිදුවී තිබෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan