වයසට නොයන Mickey Mouse ගේ 95 වන උපන්දිනය අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෑම වසරකම නොවැම්බර් 18 දින Mickey Mouse දිනය සමරනු ලබ‍යි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම දිනය 1928 නොවැම්බර් 18 වන දින සිය මංගල දර්ශනය ආරම්භ කළ සැමට සතුට ගෙන එන සහ වික්‍රමාන්විත කාටූන් චරිතයක් වන Mickey Mouse නිර්මාණය සැමරීමට දිනයක් වෙන්කර තිබීම සුවිශේෂී කරුණක් ලෙසයි. මේ සමරනු ලබන්නේ, 2023 වසරේදී Mickey Mouseගේ 95 වන උපන්දිනයයි.

සජීවීකරණය කළ නොහොත් Animated කාටුන් චරිතයක් වුවත්, Mickey Mouse වසර ගණනාවක් පුරා The Walt Disney සමාගමේ සංකේතයක් වී ඇති අතර, Mickey Mouse යනු සෑම කාලයකම වඩාත්ම ප්‍රසිද්ධ හා කීර්තිමත් වූ ප්‍රබන්ධ චරිතයක්ද වේ.

කෙසේ වෙතත්, Mickey Mouse නිර්මාතෘ The Walt Disney පවසන්නේ Mickey සඳහා මුල් නම වූයේ Mortimer බවයි.

The Mickey Mouse Club ප්‍රථම වරට ආරම්භ වූයේ 1955 ඔක්තෝබර් 3 වනදා වන අතර ප්‍රසිද්ධ ගායකයෙකු වන Justin Timberlake’s වෘත්තීය ජීවිතයද ආරම්භ කර ඇත්තේ මෙම වැඩසටහනෙන් වීමද විශේෂත්වයක් වේ.

Hollywood Walk of Fame හි තරුවක් හිමිකරගත් පළමු කාටූන් චරිතය වීමටද Mickey Mouse සමත් වූ බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුදු මාර්ගයෙන් ගෙන ආ මත් කරල් තොගයක් කල්පිටියෙන් සොයා ගනී!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW : කන්දකුලිය, තුඩාව වෙරළට...

නාමල්ගේ නඩුවකට දිනයක්!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

සෝවියට් යුගයේ භූගත බංකර විස්තර හෙළි කිරීමෙන් රුසියානු ඡායාරූප ශිල්පියාට වසර 16 ක සිර දඬුවමක්…

රෂිකා හෙන්නායක ජූනි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෝවියට් යුගයේ...