සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ, ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බවයි.
2024 ජනවාරි මස තෝරාගැනීම් සඳහා වන විවෘත තරග විභාගය පැවැත්වීමට නියමිත බවත්, තරග විභාගය සඳහා වන අයදුම්පත www.doenets.lk වෙබ් අඩවියේ ”Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ පළ කර ඇත. අයදුම්පත් යොමු කළ හැකි වන්නේ Online ක්‍රමවේදය ඔස්සේ පමණක් බවද දන්වා ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ , එමෙන්ම අයදුම්පත් භාර ගැනීම එළඹෙන දෙසැම්බර් 1 වෙනිදායින් අවසන් වන බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
