*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

කම්කරුවන් Uttarakhand උමඟේ සිරවී දින 150 ක් පසුවේ!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින හයකට ආසන්න කාලයක් එනම්, මේ වනවිට පැය 150කට වඩා අධික කාලයක් ඉන්දියාවේ Uttarakhand උමං මාර්ගයේ කම්කරුවන් 41 දෙනෙකු සිරවී සිටින අතර , විදුම් යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව නතර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යන්ත්‍රයෙන් හදිසියේ අසාමාන්‍ය ශබ්දයක් ඇසීමත් සමග ඊයේ සවස නිලධාරීන්ට කැණීම් නතර කර ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයට දෙවන විදුම් යන්ත්‍රයක් රැගෙනවිත් ඇති බවත්, මේ වනවිට මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Uttarakhand උමං මාර්ගයේ කොටසක් කඩා වැටී පසුගිය ඉරිදා(12) උදෑසන සිට කම්කරුවන් 41 දෙනෙකු එම උමං මාර්ගයේ සිරවී සිටින අතර, සියලුම කම්කරුවන් ආරක්ෂිත බවත් පයිප්ප හරහා ඔවුන්ට ආහාර සහ ජලය සපයන බවත් ගලවාගැනීමේ නිලධාරීන් සඳහන් කරන අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan