වාහන 1775 නෙවෙයි 2700ක් ගේනවා. බිලියන 12.5 මූලික ගෙවීමක් විතරයි. ලීසිං වාරික ගාණ මං දන්නෙත් නෑ – ඇමති චතුරංග

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය සේවය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වාහන 1775ක්, පළාත් පාලන ආයතනවලට අවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන 225ක් වශයෙන් වාහන 2700ක් අලුතින් ගෙන්වීමට කටයුතු කෙරෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“ඔය විකුණනවා හෝ විකුණන්න ඕනෙ කියලා කිව්වෙ අර මැති ඇමතිවරු ගත්ත හයි එන්ඩ් වාහන ටික. එහෙම නැතිව රාජ්‍ය සේවයට ගිහිල්ලා බැලුවොත් අද තියෙන්නෙ හිඟතාවයක්. රාජ්‍ය සේවකයො හිඟතාවය ගැන බජට් එක එක්කත් ඉදිරිපත් කළා. ලක්ෂ 13ක් තමයි අනුමත කාඩර් එක, ඉන්නෙ අපිට ලක්ෂ 11යි. ඒකෙත් මැද සහ ඉහළ කාඩර් එක තමයි අපිට නැත්තෙ. එතකොට රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේදී අපි මේ නැවත බඳවාගැනීම් 75,000ක් කරන්න යන්නෙ එතන. ඒ වගේම තමයි මේ රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න අවශ්‍ය වාහන මදිපාඩුවක් තියෙනවා. ඒ මදිපාඩුව හැම ආයතනයකින්ම අපි ගත්තා. ඒ මදිපාඩු ටිකේ එකතුව තමයි අපිට වාහන 1700 ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නෙ. ඒකට එකතුවෙනවා දැන් ඔය පළාත් පාලන ආයතනවල ටික. එතකොට ඔක්කොම වාහන 2700ක් ගෙන්වන්න මේ හිඟයක් තියෙනවා. ඒ 2700 ඇතුළෙ තමයි මන්ත්‍රීවරුන්ට 225කුත් යෝජනා වුණේ. එතකොට මන්ත්‍රීවරුන්ගෙ කතාවට අපි මේ කතාව යටගැහුවාට ඇත්තම කතාව තියෙන්නෙ නිසි ශක්තිමත් රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වාහන බල ඇණියේ අඩුවක් තියනවා. රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න තමයි මේක කරන්නෙ. එතකොට මේක ශක්තිමත් කිරීම සඳහා තමයි අපි මේ වසරේ ඉතිරි වෙච්ච ධනයෙන් යම්කිසි කොටසක් වෙන් කරනවා මූලික ගෙවීමක් කරන්න. ඉතිරි අවුරුද්දේ මේ ලීසිං ක්‍රමයකට යන්නෙ. මෙතුමාලා මේ පළවෙනි වතාවට තමයි සාකච්ඡා කරන්නෙ භාණ්ඩාගාරයේ රුපියල් ට්‍රිලියනක තියෙනවා කියලා. ඔය ට්‍රිලියනය තමයි අපි පාවිච්චි කරන්නෙ වෙළඳපොල තුලනය කරගන්න. ඒ තරම් ශක්තිමත් භාණ්ඩාගාරයක් දැන් හදලා තියෙන්නෙ. ඒ නිසා අපි ලීසිං ක්‍රමයකට යන්නෙ අපේ කෑෂ් ෆ්ලෝ එක බේරාගන්න අවශ්‍ය නිසා. ඒක ජනතාව තේරුම් ගන්න ඕනෙ. බැංකු ඉදිරිපත් වෙයි අපිට ඒ ලීස් එක කරලා දෙන්න”

ප්‍රශ්නය – ඒ කියන්න චතුරංග ඇමතිතුමා 2026 අවුරුද්දට මිලියන 12500 යි. ඒ කියන්නෙ වාහන 1775ටද, 2700ටද ?

“2700 ට. ඔව්, එකකට මිලියන 4ක් විතර යන්නෙ”

ප්‍රශ්නය – එතකොට ඊටපස්සෙ ලීසිං වාරික අවුරුදු කීයක් විතර යනවාද ?

“මම හිතන්නෙ තුනක් හෝ හතරක්. මම හරියටම දන්නෙ නෑ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ රුපියල් බිලියන 50ක් විතර වෙන් කරන්න වෙනවා ඔය වාහනවලට ?

“ඔව් ඉතින් එක වාහනයක් සාමාන්‍යයෙන් ලක්ෂ 200ක් විතර වෙනවානෙ”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...

සුජාන්ගේ හිස් තැනට තායිලන්තයෙන් ගෝල හතරක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ තායිලන්තය...

ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 13 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින්...