කොළඹ LNW:මහා බලවතුන් සුහදව ජීවත් වන විට ලෝකය සාමකාමී වේ,” යැයි ත්‍රිපාර්ශ්වික සමුළුව විවෘත කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි.
චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නුවරදී පෙර නොවූ විරූ මෙම ත්‍රිපාර්ශ්වික හමුව විවෘත කරමින් ඔහු ප්‍රකාශ කළේ, මෙම සමුළුව “විප්ලවීය වැදගත්කමක්” දරන බවයි.
“අසීරු අවස්ථාවන්හිදී සැබෑ වගකීම මතු වේ,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. “ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා රටවල් තුන එක්ව කටයුතු කළ යුතුය.”
චීනය, රුසියාව සහ ඇමරිකාවේ රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 33 වැනි APEC ආර්ථික නායක සමුළුවට පවතින ගෝලීය දේශපාලන තත්ත්වයන් හමුවේ ඉතා විශාල අවධානයක් යොමුව තිබේ.
මෙම සමුළුව ආරම්භ කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ “රටවල් තුන න්‍යෂ්ටික අවි සාකච්ඡා කිරීමට අද්විතීය ලෙස ස්ථානගත කර ඇත” යනුවෙනි.
“අතීත නායකයින් බොහෝ විට ඔවුන් සමඟ එකඟ නොවීම් ඇති නායකයින් සමඟ කතා කිරීමෙන් වැළකී සිටියහ,” ඔහු තවදුරටත් පැවසීය.
“අවස්ථා අඩුවීමෙන් කිසිදා ඇති කරගත් සාමයක් නැත, මුළු ග්‍රහලෝකයටම බලපාන ගැටළු විසඳීමට අපට විශාල වගකීම් තිබේ.” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් පවසා තිබේ.


