පාකිස්තානය බලුකිස්තාන්හි බෙදුම්වාදීන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් සූදානම් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නිරිතදිග පකිස්ථානයේ බෙදුම්වාදී කණ්ඩායම්වලට එරෙහිව පකිස්ථානය පුළුල් මිලිටරි මෙහෙයුමක් නිවේදනය කර තිබේ.

අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, අගමැතිවරයා ඊයේ(19)දිනයේදී පකිස්ථානයේ දේශපාලන හා හමුදා නායකයින්ගේ රැස්වීමකට සම්බන්ධ වෙමින් මෙම මෙහෙයුම සඳහා අනුමැතිය ලබා දුන් බවයි.

පකිස්ථානයේ කාලයක් පුරා පකිස්ථාන තලේබාන් සංවිධානයෙන් බිඳී ගිය කන්ඩායමක් වන Hafiz Gul Bahadur කණ්ඩායම, පකිස්තාන තලේබාන් ලෙසද හැඳින්වෙන Tehreek-e-Taliban Pakistan (TTP) සංවිධානය, සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායමක් වන Jaish al-Adl, Balochistan Liberation Army (BLA) හා අනෙකුත් නීති විරෝධී කණ්ඩායම් හේතුවෙන් පිඩාවට පත්ව ඇති අතර මෙම මෙහෙයුම හරහා මෙම කණ්ඩායම් ඉලක්ක කරනු ඇති අතර ෂෙරීෆ්ගේ කාර්යාලය හෝ හමුදාව මෙහෙයුම පිළිබඳ තොරතුරු හෙළිදරව් කර නොමැත.

චීන ජාතිකයන් දහස් ගණනක් පකිස්ථානයේ සේවය කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඩොලර් බිලියන ගණනක යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වන Beijing’s Belt and Road Initiative හි සම්බන්ධ වී සිටිති.

පසුගිය කාලය පුරාම චීනය සිය පුරවැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර රැසක් එල්ල වීමෙන් පසු ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර පාකිස්තානයේ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී අභ්‍යාස සඳහා සැලැස්මක් ද හෙළිදරවු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!