රජයේ විධායක නිලධාරීන් අද (20) දීපව්‍යාප්ත වැඩවර්ජනයක !

අද (20) දිනයේ දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

ඒ, 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු නොකළ බව පවසමිනි.

“ආණ්ඩුව විසින් තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට පමණක් දීමනා ඉහළ නැංවීමක් කරලා තියෙනවා, ඒ හා සමාන්තර සේවාවන් 20කට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම නොසලකා හැරීමක් කරලා තියෙනවා. ඉංජිනේරු සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මධ්‍යම පරිපාලන සේවය, විද්‍යාත්මක සේවය, ඒ වගේම මිනින්දෝරු සේවය, කාර්මික අධ්‍යාපන සේවය, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්න මේ වගේ විධායක සේවාවන් ගණනාවක් නොසලකා හැරීමක් තමයි මෙතන තියෙන්නේ.

පහුගිය කාලවල මේ විධායක සේවාවන්ට බරපතළ වැටුප් විෂමතාවයක් ඇති වුණා. ඒ විෂමතාවය ඉවත් කරනවා කියලා වත්මන් ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. නමුත් ඒ විෂමතා ඇති වීමට හේතු වෙච්ච වැටුප් වැඩි කිරීම් කරපු සේවාවන්වලටම මේ අයවැයෙනුත් තවත් බරපතළ වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා. එතකොට තිබිච්ච වැටුප් විෂමතාවය තවදුරටත් වැඩි වෙලා තියෙනවා.

අපි දකින්නේ මේක ආණ්ඩුව මේ අයවැයෙන් කරපු බරපතළ වැරද්දක් විදිහට. මේක වහාම ඇත්තටම මේ අයවැය තුළින්ම කාරක සභා අවස්ථාවේදීම නිවැරදි කරන්න කියන ඉල්ලීම තමයි මේ දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනය හරහා අපි සිදු කරන්නේ” යනුවෙනුයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා සඳහන් කළේ.

මෙම වැඩවර්ජනයට විධායක සේවාවන් 20කට අයත් වෘත්තිකයින් සම්බන්ධ වන බවත් ඒ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැන් ගල් අරක්කු බෝතලේ 4000යි. මිනිස්සුන්ට අරක්කු නෙවෙයි බදු බොන්න වෙලා තියෙන්නෙ – දිලිප්

'ගල් අරක්කු' නමින් ප්‍රචලිත මත්පැන් බෝතලයක් නිපාදනය කිරීම සඳහා...

චේරනුවාණන් අබියස

මහා කිවිඳුට දාව ඉපදුණවිසල් කවියක් ළඟකොම්බුවක් සේ බලා ඉන්නෙමිඑකත්පස්...

මාලිමාවට බලය හිමි සොරණාතොට අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2027...