යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අද අධිකරණයේද සැලකිල්ලට ලක්ව තිබුණි.

යාපනයේ සිදුවන වායු දූෂණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන වලට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා වෛද්‍ය උමාසුකී නඩරාජා විසින් ගොනුකර තිබූ පෙත්සම අද කැඳවූ අතර එම අවස්ථාවේ නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ යාපනය මහ නගර සභා බල ප්‍රදේශයේ විවෘතව කැළිකසළ දහනය කිරීම පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී යාපනය නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ. එම් ගනේෂරාජා මහතා පැවසුවේ යාපනය ප්‍රදේශයේ එකතු වන කැළිකසළ දහනය කෙරෙන ආකාරය පිළිබදව විශේෂ වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ පරිසර පනතේ විධිවිධාන අනුව විවෘතව කැළිකසළ දහනය වරදක් බවයි.

එම විධිවිධාන යටතට යාපනය මහනගර සභාව අයත් වනවාද යන කරුණ පිළිබඳව අධ්‍යයනය කර ඉදිරියේ දී අධිකරණයට දැනුම් දීමට අපේක්ෂා කරන බවද ඇය පැවසුවාය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩු කටයුත්ත නැවත පෙබරවාරි මස 03 වනදා කැඳවීමට නියම කළ අතර එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අධිකරණය පාර්ශවකරුවන්ට නියම කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...

හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!

රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...

උද්ධමනය ගැන මහ බැංකුවෙන් රතු එළි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලාංකිකයින්ට කලින් අපේක්ෂා...

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මාලිගාවේ සුප්‍රසිද්ධ රන් වියන යළිත් බැබළෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අතිපූජනීය බෞද්ධ...