කිරිගොවීන් අනතුරේ…

Date:

පොලොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අලුත්වැව ගම්මානයේ කුඹුරු වගාවට අමතරව මේ ජනතාව ජීවත් කරවන ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ කිරි කර්මාන්තයයි. මේ ප්‍රදේශයේ දෛනිකව කිරි ගොවීන් විසින් රජයේ සහ පෞද්ගලික ගැණුම්කරුවන් සඳහා කිරි ලීටර් 2,000 කට අධික ප්‍රමාණයක් සපයන අතර ඉන් පවුල් ප්‍රමාණය 200 ඉක්මවයි.

මේ ජනතාව දැන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව කිරීම කිරි ගවයින් සදහා අවශ්‍ය තණකොළ සපයා ගැනීමට නොහැකිවීමයි. අදාළ ගැටළුවට පිළියමක් ලෙස සහ කිරි ගොවීන්ගේ ඉල්ලීම මත දැනට වසර දෙකකට පෙර කිරි ගවයින් සඳහා අවශ්‍ය තණකොළ සපයා ගැනීම සඳහා රජයේ පශු සම්පත් මණ්ඩලය පොලොන්නරුව ගල්ලෑල්ලේ අක්කර 49 ක භූමි ප්‍රදේශයක් වෙන් කෙරුණේ ජීවනෝපාය සංවර්ධන කමිටුව, පොලොන්නරුව දිසාපති සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ද අනුමැති යටතේය.

නමුත් මේ වනවිට අදාළ භූමිය බඩඉරිඟු වගාවකට ලබාදී ඇති බවත් මේ නිසා තම කිරි ගවයන් ට අවශ්‍ය තණකොළ සපයාගැනීමට නොහැකි වී ඇති බව ගොවීන් පෙන්වා දෙයි. දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම් තුමා, එවකට සිටි කෘෂිකර්ම ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරු, පැමිණ කැමැත්ත පළකරමින් අවසර ලබා දුන් බව ගොවීන් මැසිවිලි නඟයි. නමුත් මේ වනවිට එම ඉඩම් බඩඉරිඟු ව්‍යාපෘතියක් සඳහා ඉඩම් සිවිල් ආරක්ෂක බලකායට තවකාලිකව ලබාදී ඇති බව ගොවීන් කියයි.

තවදුරටත් ගොවීන් පවසන්නේ හැකි ඉක්මනින් තම ඉඩම් නැවතත් ලබාගැනීමට පියවර ගන්නා ලෙසයි.

රෂිකා හෙන්නායක
2022.11.20

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...