වෙළෙඳපොළේ සීනි සහ කීරි සම්බා ඇති වෙන්න තියෙනවා – පාරිභෝගික අධිකාරිය

Date:

කොළඹ LNW:වෙළෙඳ පොළ තුළ ඇති තරම් සීනී සහ කීරී සම්බා ඇතිබව පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පවසයි.

පාලන මිලට සිල්ලර වෙළදුන් එම භාණ්ඩ ලබාගැනීමට තිබෙන අකමැත්ත මත යම් හිඟයක් ඇතිවී තිබෙන බවයි ඉරසිංහ මහතා සඳහන් කරන්නේ.

මිල පාලන ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වැටලීම් ආරම්භ කළ අතර පසුගිය සිකුරාදා වන විටත් ශත 35 බද්ද යටතේ ගෙන එන ලද සීනි මෙට්‍රික් ටොන් 19000ක් ඇති බවත් මේ වන විට රට තුළ සීනි මෙට්‍රික් ටොන් 37,000ක් ඇති බවත් ඔහු කියාසිටියි.
පාරිභෝගික අධිකාරිය විසින් මිල පාලන ගැසට්ටුව සමග වැටලීම් ආරම්භ කලා

”වැටලීම් ඒකකය තොග ගබඩාවන් අධීක්ෂණය කරනවා. ප්‍රධාන ආනයනකරුවන් 16ක් ඉන්නවා. සීනි තියාගෙන නෑ කිව්ව එක ගබඩාවක් වැටලුවා. තොග ගබඩාවලින් පාලන මිලඩ අඩු අගයකින් තමයි නිකුත් කරන්නේ. 275 වැඩියෙන් සීනි විකිණු බිල්පතක් තියෙනවා නම් පැමිණිලි කරන්න. ලක්ෂ 50ක් දක්වා දඩගහන්න පුලුවන්. පැකට් කළ සීනී 290 විකුණන්න පුලුවන්. සීනි සඟවාගෙන තබාගෙන නෑ. 16න් 10ක ගබඩාවල පමණයි සීනි තියෙන්නේ. කීරී සම්බා තත්වයත් මේකයි. තව මාස තුන හතරකට ගබඩාවල කීරී සම්බා තියෙනවා. ඒ මිලට ගෙනිහින් විකුණන්න බැරි නිසා ගබඩාවල තියෙනවා. ප්‍රධාන නිෂ්පාදකයින්ගේ ගබඩාවලත් ඇති තරම් කීරී සම්බා තියෙනවා මාස ගණනාවකට. කීරී සම්බා සම්බන්ධයෙන් මැයි සිට දිවයිනේම 2805ක් වැටලීම් කරලා තියෙනවා. බොහෝ තැන්වල වැඩිමිලට විකුණූ සිද්ධි තියෙන්නේ. ඔක්කොටම නඩු පවරලා තියෙනවා.” යනුවෙන් ඉරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...