*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

නාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව, මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරයට පාත්‍ර වූ ව්ලොග් නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහු අද (20) සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග එක්ව ගිවිසුමකට එළැඹුණ බව සඳහන් වේ.

මෙම සුප්‍රසිද්ධ ව්ලොග් නිර්මාණකරුවා සමග එළැඹි ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මහත් පිටුවහලක් වනු ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

ඔහු විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබිණ.

2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan