Monday, December 4, 2023
spot_img

Latest Posts

මාරාන්තික උපවාසයක් අතහැර දමයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සේවක සංගමය එක්ව, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (20) දින අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී ආරම්භ කළ මාරාන්තික උපවාසය අතහැර ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපවාසය සිදු කරන ස්ථානයට ගොස් තමා සමග සාකච්ඡාවකට එන ලෙස දැනුම් දීමෙන් පසුව , සංගම් නියෝජිතයින් සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයාට සියලු‍ තනතුරුවල සේවයේ යෙදෙන අනධ්‍යයන සේවකයින් මුහුණදෙමින් සිටින ගැටලු රැසක් පිළිබඳව පෙන්වා දී ඇත.

අනතුරුව අමාත්‍යවරයා ඔවුන්ට දැනුම් දී ඇත්තේ, ඔවුන්ගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා මැදිහත්වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.