ගාසාහි නොමේරූ දරුවන් 28 දෙනෙකුට ඊජිප්තුවේ උණුසුම

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වන විට දරුවන් 5,500ක් කාන්තාවන් 3,500ක් ඇතුළුව 13,215ක් මියගොස් තිබේ.

45 වන දිනටත් අඛණ්ඩවම පලස්තීනයට ඊශ්‍රායල් ප්‍රහාර එල්ල වීමත්, ඉන්ධන, අහාර, සන්නිවේදනය බිඳ වැටීමත් හේතුවෙන් පලස්තීනයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා රෝහළ තවදුරටත් වෛද්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි ප්‍රතිකාර ලබමින් සිටි නොමේරූ පලස්තීන දරුවන් 28 දෙනෙකු රෆා දේශසීමා හරස් මාර්ගය හරහා ඊජිප්තුවේ රෝහල් වෙත යොමුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

පලස්තීන රතු ක්‍රෙසන්ට් සමාජය අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබු අතර ඊජිප්තුවේ Qahera ප්‍රවෘත්ති නාලිකාව ඊජිප්තු දේශ සීමාවේ ගිලන්රථ හතරක් දරුවන් භාර ගැනීම වෙනුවෙන් පැමිණ ඇති බවට විකාශය කර තිබේ.

කෙසේ නමුත්, ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායල් ඉලක්ක වෙත හමාස් ප්‍රහාර දියත් වීමත් සමඟ ඊට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය හමස් ඉලක්ක වෙත ප්‍රහාර දියත් කිරීමත් සමඟ මේ වන විට දරුවන් 5,500ක් කාන්තාවන් 3,500ක් ඇතුළුව 13,215ක් මියගොස් 6,000ක් අතුරුදන්ව 30,000ක් තුවාල ලබා ඇති බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...