සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. ඒ දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙනි.
කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මේ වනවිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා ඇහි අතර, පස් ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බව , දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
