*
Monday, December 9, 2024
spot_img

Latest Posts

රජයේ හොඳ දේට සහාය දෙන්නත් වැරදි දේ පෙන්වා දෙන්නත් අපි කටයුතු කරනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

තමා ඉදිරියටත් ජන විඥානය අවබෝධ කර ගෙන ජනතා අභිලාෂ සම්බන්ධයෙන් ප්‍රගතිශීලි ආකාරයටත් රටේ ප්‍රශ්න විසදෙන ආකාරයටත් කටයුතු කරන බවත් රජය ජනවරම ක්‍රියාත්මක කිරීමේ දී ජනතාවගේ පැත්තෙන් සුබවාදී සහ සහනදායි ක්‍රියා ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දෙන්නටත් එසේම යම් කිසි අඩුපාඩුවක් ඌනතාවක් රජයෙන් සිදු වුවහොත් එය පෙන්වා දෙන්නටත් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (නොවැම්බර් 20) සමගි ජන බලවේග මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙම කෙටි කාලය තුළ අඩුපාඩු සිදුවු තැන්, වැරදුණු තැන් සොයා බලන බවත් කණ්ඩායමක් ලෙස එකමුතුව සාමුහිකව කටයුතු කරන බවත් හෘද සාක්ෂියට අනුව 2020 පෙබරවාරි ආරම්භ වූ මේ පක්ෂයට ඉදිරි ගමනක් ඇති බවත් සාමුහිකත්වය රැකගෙන නව ගමනක් යන බවත් ඒ මහතා කියා සිටියේය.

ජනතා කැමැත්තෙන් පක්ෂයේ දෙවැනි පෙළ හදනවා

මැදකොළඹ මෙන්ම යාපනය කිලිනොච්චි දිස්ත්‍රික්ක වලත් සාම්ප්‍රදායික දේශපාලනය පරාජයට පත් වුවත් ඉන් පාඩම් ඉගෙන ගෙන ඉදිරි ගමනක් යන බවත් වැඩපිළිවෙළක් ලෙසත් කණ්ඩායමක් ලෙසත් බහුතරයකගේ හිත දිනා ගැනීමට බැරි වු බැවින් වැරදි අඩුපාඩු මගහරවා ගන්නා බවත් පැවසූ ඒ මහතා පක්ෂයේ දෙවැනි පෙළ හැදීම ජනතාවගේ කැමැත්ත බැවින් ජනතාවගේ කැමැත්තට මුල්තැන ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.

පක්ෂය වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තූතියි

රට මංකොල්ල කෑ අය සමග තමාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා ජාතික ලැයිස්තුව ගැන සාමුහිකව සාකච්ඡා කරන බවත් පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කළ පාක්ෂිකයින්ට සහ ජනතාවට ස්තුතිය පුද කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්න කැපවීම ගැන ස්තුතිවන්ත වන බවත් සඳහන් කළේය.

හිතුනම එන්නයි යන්නයි සජබ කියන්නේ අම්බලමක් නොවේ

තම පක්ෂය අනුගමනය කරන ප්‍රතිපත්තිය හා දර්ශනය මත එකතු වීමට බාධාවක් නොවන බවත් එහිදී පුද්ගලයාට වඩා දර්ශනය හා ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරණ බවත් සමගි ජන බලවේගය තාවකාලික අම්බලමක් නොවන බවත් රටේ ජනතාවගේ සුබසිද්ධිය උන්නතිය ප්‍රමුඛත්වයක් කර ගෙන සියලු ක්‍රියාකාරකම් සිදු කරන බවත් ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කර ගෙන වගකිවයුතු විපක්ෂයක් ලෙස කටයුතු කරන බවත් අපේ රට ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

රටට අගයක් එකතු කරන වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කරන අතර කිසිවිටකත් ප්‍රශ්නවලින් පැන නොයන බව පැවසූ ඒ මහතා වසර හතරක් තුළ පැමිණි ගමනේදී ළඟ සිටි පාක්ෂිකයන්ට ගෞරවය පුද කරන බවත් ඉදිරියේදී රටට ශක්තියක් එකතු කරන ගමනකට යාමට සුදානම් බවත් වැඩිදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan