අද CID යන හිටපු ඇමතිවරු!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

හිටපු කැබිනට් ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (21) දින කැදවා ඇත.

ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට බව වාර්තා වේ.

රට තුළ ඖෂධ හිඟයක් ඇතැයි ව්‍යාජ ලෙස සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග, හිටපු සංචාරක හා ඉඩම් ඇමැති හරින් ප්‍රනාන්දු, හිටපු කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ යන සිව්දෙනාට අද (21 වැනිදා) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

නි​යෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම වෙත මෙම මස 11 වැනිදා දන්වා සිටියේ , ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමිනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පුළුල් විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු හිටපු කැබිනට් ඇමැතිවරුන් 18 දෙනකුගෙන් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කරගන්නා බවයි.

ඒ අනුව අදාළ ප්‍රශ්න කිරීම් සඳහා ප්‍රසන්න රණතුංග, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් ඇමැතිවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...