PHD කාරයන්ට දේශපාලනය බාර දුන්නම හරිද ?

Date:

ආසියාවේ ආශ්චර්ය, යහපාලනය, මේ ඔක්කොම වැටෙන්නෙ බලය සඳහා යන මාවතේදී භාවිතාකරන බල දේශපාලන “ටූල්ස් ” ගනයට.. පී.එච්.ඩී. කාරයෝ දේශපාලනයට ගේන්න ඕන කියන ප්‍රවාදය වැටෙන්නෙත් ඒ ටූල් ගනයට…

අපේ වගේ පසුගාමී රටවල්වල ප්‍රොෆෙසර් පට්ටන්තර පවතින්නේ සාමාන්‍ය සමාජයට ගොඩක් ඉහලින්.. එතනදී සාමාන්‍ය ජනතාව හිතන් ඉන්නේ ෆ්‍රොපෙසර්ලා කියන්නේ මහෝෂධ පඬිතුමා වගේ ඔක්කොම දන්න විශ්මකර්මයෝ වගේ පිරිසක් විදියට..

උගත්තු දේශපාලනයට ගේන්න ඕන කියන ප්‍රවාදය අති උත්කර්ෂයට ලක්වෙන්නෙත් මේ නොදියුනු සමාජ සන්දර්භය තුළ ..

නමුත් යථාර්ථය තුලදී ලෝකේ කොහෙවත් ප්‍රොෆෙසර්ලා පෙරමුණට ඇවිල්ලා ගොඩදාපු රටවල් නෑ.. මේ නිල උගත්තු කියන්නේ සිස්ටම් එක විසින් දී ඇති විෂයක් නිශ්චිත රාමුවක් ඇතුලේ යම් දුරකට ෆලෝ කරපු පුද්ගලයින් පිරිසක් විතරයි.. ඇත්තටම ඒ අයට කරන්න තියෙන්නෙ අදාල විෂට නියමිත නිලධාරීගේ කර්තව්‍ය විතරයි ..

මින් ඉදිරියටත් පී.එච්.ඩී. භවතුන් උත්කර්ෂයට නැංවුවොත් වෙන්නෙ දීර්ඝ කාලයක් කට්ට කාලා බලය අරන් දුර ගමනක් යන්‍ට හිතන් ඉන්න අයට පැත්තකට වෙලා මහාචාර්යලාට ගෙඩි කඩාගන්ට දීලා දීර්ඝ කාලීන අරමුණු අකුලගෙන පැත්තකට වෙන්න වෙන එක..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...