සටහන – රුවන් නෙළුගොල්ල
මාතර, දික්වැල්ල, වලස්ගල ප්‍රදේශයේදී අද (නොවැම්බර් 21) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ වලස්ගල ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි අයෙකි.
අද අලුයම 05.30 ට පමණ වලස්ගල පශූ වෛද්‍ය කාර්යාලය ආසන්නයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්.
වෙඩිතැබීම කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
RN