ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙතන්යාහු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) විනිසුරුවන් විසින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, එරට හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් මෙන්ම හමාස් නායක මොහොමඩ් ඩීෆ් යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබේ.

ගෙවුණු මැයි මාසයේදී ICC අභිචෝදක කරීම් ඛාන් විසින් හමාස් නායකයින්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සමූලඝාතනය, මිනීමැරුම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීම, ස්ත්‍රී දූෂණය සහ වධහිංසා පැමිණවීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර ඊශ්‍රායල් නායකයන්ට එරෙහිව සිවිල් වැසියන්ට හිතාමතාම ප්‍රහාර එල්ල කිරීම, සාගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීම මෙන්ම සමූලඝාතනය සහ මිනීමැරුම් චෝදනා එල්ල කර තිබේ.

කෙසේ නමුත්, වරෙන්තු බලාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කිරීම දැන් ICC හි සාමාජික රටවල් 124 වෙත පැවරෙනු ඇති අතර ඊශ්‍රායලය හෝ එහි මිත්‍ර රාජ්‍යය වන එක්සත් ජනපදය ඇතුළත් නොවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...